ජවිපෙට ආණ්ඩුවක් ගන්න පුළුවන් ද?
ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ඇත. එය ජනතා අදහසකි. ඒක ආණ්ඩුවක් ගන්න ප්‍රමාණවත් ද? යන්න සලකා බැලීම මෙහි අරමුණයි.
ජවිපෙ නොහොත් මාලීමාවට රැල්ලක් ආවෙ 2022.07.09 ට පසුවයි. බැසිල්, මහින්ද, ගෝටා අරගලයෙන් බලයෙන් පහකල පසුව රනිල් ජනපති වීමත් සමග මාලීමාව නගින්න පටන් ගත්තේය. සමාජ ජාලා විශේෂඥයින් හදුනාගෙන තිබූ පරිදි 2022 අරගලයෙන් පසුව සිට අනුර කුමාර දිසානායකගේ facebook නිල පිටුව පමණක් දිනකට ඇමෙරිකන් ඩොලර් 100 බැගින් වැයකර අඛන්ඩව මාස 06 ක් පමණ Boost කර තිබිණි. ස.ජ.බ. හර්ෂ ද සිල්වා ද එවක ඇ.ඩො. 13,000 ක boost කර තිබෙනු නිරීක්ෂණය කර ඇත.
මෙම කාල වකවානුව වෙද්දී ස.ජ.බ. සිටි සක්‍රීයම තරුණ මන්ත්‍රීවරු දෙපලක් වූ හරීන් සහ මනූෂ සජබ අතැර රනිල් සමග එක් වෙමින් සිටි යුගයයි. ඒ අඩිපාරේම යන්න ස.ජ.බ. තවත් පිරිසක් සැදී පැහැදී සිටි වකවානුවයි. ප්‍රධානම විපක්ෂය කෑලී ගැලවී පතුරු යමින් පැවති අවස්ථාවකි එය.
එමෙන්ම පැවති ආණ්ඩුවේ නායකයින්ට හා ප්‍රාදේශීය නායකයින්ට පාරට බැහැගන්න බැරිව සිටි කාලයකි. එහි 69 ලක්ෂයක ජන්ද දායකයා අතරමං ව සිටි කලකි. තම නායකයින් ට අත්වූ ඛේදජනක තත්ත්වය ගැන බිය වු එම පාක්ෂිකයෝ පවා නිෂ්ක්‍රීය විය.
අරගලයේ සිටි කන්ඩායම් අතරින් වඩාත් පීඩාකාරි ප්‍රහාරක කණ්ඩායම වූ පෙරටුගාමීන්, ජන අරගල ව්‍යාපාරය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශක්තිය බිද දමන්නත්, තම පක්ෂයෙන් කැඩී ගිය සජබ මට්ටු කරන්නත් යන අවශ්‍යතා දෙක සපුරා ගැනීමට ජනපතිට අවැසි විය. ඒ අනුව ඊට ජවිපෙ සූක්ෂමව උපයෝගී කර ගත්තේය.
අරගලය අවස්ථාවේ පාර්ලිමේන්තුව වටකල සියල්ලන් අත් අඩංගුවට ගනිද්දී ලාල් කාන්ත සහ හදුන්නෙත්ති අත් අඩංගුවට පත් නොවේ. අරගලය අවස්තාවේ ජවිපෙ කලේ වෙනස් කාර්‍යයකි. ඔවුන් අවස්තා කිහිපයකදීම අරගලය විවේචන කලේය. ඒ ඔවුන්ගෙ හැටිය.ලාල් කාන්ත පමනක් එයට ආශිර්වාද කලා මතකය.
අනෙකකුගේ සැලසුමකට අනුව ලද අනුග්‍රහයත් අනෙකුත් කන්ඩායම් නොදුවන රේස් එකක තනි ධාවකයා ලෙසත් ජවිපෙ පෙරමුණේ සිටියි.
දැන් හවිපෙට ඇති අභියෝගය රැල්ල පවත්වාගෙන යාමය. ඒ වෙනුවෙන් 1000-2000 ක සමාජ ජාලා බැටෑලියන් එකක් සිටියි. ඒක රැල්ලක් සේ දකින ඊට ගොදුරු වුනු පිරිස සිතන්නේ ජවිපෙ ආණ්ඩු ගන්නා බවය.
දැන් ජවිපෙ කරන්නේ තමන් ලගට පැමිනි ජන්ද ගොඩ ඉවත නොයන ලෙස නඩත්තු කිරීමය. තමන් ලග ඉන්නේ වෛරී ජන්ද හෙවත් hate vote එක බව ජවිපෙ දනියි. අවුරුදු 75 ක් රට කලේ හොරු බවත් කරපු මගුලක් නැති බවත් කියන්නේ ඒ නිසාය.
3% සිට අහම්බෙන් වර්ධනය වූ ජවිපෙ ජන්ද පදනම පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී ධූර 113 ක් ගන්නට හෝ ජනාධිපතිවරණයක 50% ක් ගන්න ප්‍රමාණවත් නැති බව ජවිපෙ දනී. දැන් ඔවුන්ට ඕනෑ 2004 මහින්ද එක්ක එක්වී ගත් 39 ක මන්ත්‍රීධූර ගනන අභිබවන්නටය. ඊට පස්සෙ මාලීමා සීනු දෙකට කැඩෙනු ඇත. ඒ යා දෙක නොරත රත නිසාය. 2004 මහින්දලා එක්කත්, 2010 ෆොනී, අර්ජුන, ටිරාන් එක්ක තිබුනු කුසලාන සන්ධානයෙනුත් පසුව වුනේ ඒකමය. ඒ දෙකටම අහුවුන පිරිස් අද ඔය රැල්ලෙ නැත. මෙතන ඉන්න බහුතරය 2000 ට පසූ උපන් පරපුර සහ කලකිරුනු hate vote එකය.
1999-2000 උනුත් එකයි මුනුත් එකයි පාඨයත් 94 දී තිබු 17 වසරක සාපය නිමාකරමු පාඨයත් අමතක අය වෙනුවෙන් 74 වසරක සට්න් පාඨය modify කර ඇත.
ප්‍රධාන පක්ෂ වලට රැවටුනු ජනයා තුන්වන බලවේගයකින් රැවටීම ඔවුන්ටද අස්වැසිල්ලක් වනුඇත. ඒ පාර්ලිමේන්තු මැතිවරනය අවසන් වී හා ඉන් වසරකින් පමණ පසුව යන අවස්ථා දෙකේදී වනු ඇත. අද මාලීමා ප්‍රේමීන් මාලීමාවට කතිරය ගහන අවසන් වසර 2025 වනු ඇත.. ඔවුන් මේ සටහන save කර තබා ගත්තාටද වරදක් නැත.
සෙනග ගැන කීමේදී කියන්න ඕනා එකක් ඇත. ගාල්ලෙ නම් වසම් 900 ක් පමණ ඇත. වසමකින් 10ක් ආවොත් 9000 කි. ගාල්ලෙ තියෙන ලොකුම පිට්ටනිය සමනොල පිටියයි. ඒකට 9000 ක් දාන්න බැරිය. ඒ මුලු සමනල පිටියටමය. ටෙන්ට් ගසා ඒ ටෙන්ට් තුලට නොවේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායක ප්‍රමාණය ආසන්න ලක්ෂ 08 කි. 10,000 ට අඩු ගානකින් ලක්ෂ 08 ක මතය එලියට නොයේ. ජවිපෙ නොහොත් මාලීමා රැස්වීමේ මේ සෙනග අරුමයක් ද නොවේ. අවසන් මහ මැතිවරණයේ ජවිපෙට ජන්ද 40,000 ක් පමණ තිබිණි. මේක පස් ගුණයකින් වැඩි වුනත් ජවිපෙට එන්නේ ලක්ෂ 2කි. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දෙකක් ගත හැකිය. ගාල්ල ,මාතර, හම්බන්තොට ජවිපෙට ඉහලම රැල්ලක් ඇති දිසාවන් ය. රටේ ප්‍රතිඵලය සෙනගින් නොව විශ්ලේෂණය කරගත්තා නම් වඩා හොදය.
තවත් නිදසුනක් කිව්වොත් 2019 ජනපතිවරනය අවස්ථාවේ අනුරගෙ ගෝල්ෆේස් රැස්වීමේ ලක්ෂ සංඛ්‍යාත සෙනගක් බව කීය. ජන්ද ප්‍රතිඵලය මාලිමාවේ අනුර ලක්ෂ 05 කට වඩා ගත්තේ නැත.
ඇතැම් බුකිවාසින් දේශපාලන දෘෂ්ඨි මායාවකට හසුව ඇති බව මා කියා ඇත්තේ ඒ නිසාය.
සෙනග ගැන අවසානයට කියන්න තියෙන්නේ ඉන්න ටිකෙන් මහගොඩක් පෙන්වීම කලාවක් නම් ජවිපෙ නොහොත් මාලීමාව එහි පිකාසෝය කියාය.