ජවිපෙ ටිල්වින් ඇතුළු ‘නාකි සෙට් එකට’ මාලිමා තරුණ අංශයෙන් ප්‍රහාරයක්..!

ජවිපෙ ටිල්වින් ඇතුළු ‘නාකි සෙට් එකට’ මාලිමා තරුණ අංශයෙන් ප්‍රහාරයක්..!

මාලිමාවේ අළුයට ගිනි පුපුරු වගේ ජනතා විමුක්ති පෙරමුණට තියෙන විරෝධය දැන් දැන් මාලිමා වේදිකාවෙන්ම එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මාලිමාවේ තරුණ අංශය ලවා ඒ දේ අවශ්‍ය ගාණට කරවන බව මාලිමා වේදිකාවලින්ම දැක ගන්න පුළුවන්. මාලිමා වේදිකාවට නැගලා ඉන්න අනූව දශකයේ ඉපදුනා කියන දේශපාලනය ගැන මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්න කජුකිරි කෙල්ලෙක් වගේම නිළියක් බව කියන මනෝජා ප්‍රනාන්දුගේ කටින් ඒක හරි අපූරුවට එළියට එනවා.

ඇය පවසන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ටිල්වින් සිල්වා, අනුර කුමාර දිසානායක, ලාල් කාන්තලා වගේ නාකි කණ්ඩායමට මොකුත් කරගන්න බැහැ. මොකද නාකින්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණය ඇය වේදිකාවේදී ප්‍රශ්න කරනවා. ලෝකේ වෙනස් කරලා තියෙනේ ජීවිතේ වැඩි කාලපරාසයක් අධ්‍යයනය සඳහා ගතවුනු මාඕ සේතුංලා, ලෙනින්, ලී ක්වාන් යූ වගේ අය කියන එක මනෝජා ප්‍රනාන්දු නොදැන සිටීම ගැන පුදුම වියයුතු කාරණයක් නෙවෙයි.

සමාජය වනසන පිළිලලයක් මෙන් මනෝජ එක්වරෙක අහනවා වයසින් වැඩි අයට මොනවද කරන්න පුළුවන් කියන ප්‍රශ්නය. ඇය කියන ආකාරයට නාකින් මේ රටින් ඉවත් කළ යුතු වෙනවා. මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකළ පිරිසට මාලිමාවෙන් දරුණු පහරදීමක් ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන බව දැක ගැනීමට තියෙනවා.

නාකින්ට කළ හැකි දේ විමසමින් නාකින් එළවා දැමිය යුතු බව පවසමින් මනෝජා මැදිවියේ අයෙකු සමග ෆොටෝ ෂූට් එකක් කරලා තියෙන බවත් දැකගන්න තියෙනවා. සමහරවිට ඔහුගෙන් මනෝජා බලාපොරොත්තු වුනු දේ නොලැබුනු නිසා ඇයගේ ඇතුලාන්තයේ ඇති ද්වේශය වේදිකාවේදී මම පොර සංකල්පයෙන් එළියට පැමිණි බවක් ඇයගේ කතා විලාසයෙන් දැක ගන්න පුළුවන්.

මෙවන් පැසිස්ට්වාදී අදහස් දරන අය වැඩිහිටියන්ට මරා දැමිය යුතුය යන මතයේ සිටින අතර, මනෝජා කියන විදියට තම දෙමාපියන්ද ගෙදරින් එළවා දැමිමට හෝ නිවසේ කාමරයකට කොටු කොට පොල් ගාගත් හිරමණය දොර මුල්ලේ තබනවා මෙන් කළ යුතු නොවන්නේද.? රැඩිකල් යැයි කියා ගන්නා බොහෝ දෙනෙක් තමන්ගේ මන්ද බුද්ධිය ලොවට ප්‍රදර්ශනය කරන ඔවැනි විකාර කතා කියන අයුරු බොහෝ විට දැක ගැනීමට හැකිය. පොල්පෝට් වැනි අයද වයසක අය මරා දැමිය යුතු බවට තිරණය කළේ රටට බරක් වන බව පවසමිනි. මාලිමා ආණ්ඩුවක් අනිවාර්යෙන්ම බිහිවිය යුතුව ඇත,.

ඒ එදා සිට ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී අදහස් දැරූ වයසක අයද මාලිමාවේ තරුණ පරම්පරාව විසින් මරා දැමිය යුතු බව තීරණය කොට මරා දැමීම සිදුවීමට නියමිත හෙයිනි.

වැඩි කාලයක් නොගොස් තම දෙමාපියන්ද වයසට යද්දී මනෝජාට තම නිවසින් එළවා දැමිය හැකිය.

තමන් රැඩිකල් බව පෙන්වන ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව නියෝජනය කරන අයෙකුගෙන් ඔබට බඩගින්නක් දැනුනු විට බත් බතක් කෑමට ඉල්ලා සිටින්න. එවැනි රැඩිකල් යැයි කියා ගන්නා අය ඔබට අපූරු පිළිතුරක් දෙනු ඇත. බලන්න ඔයාගේ ඇගේ හැටි..ගොඩාක් මහතයි. වැඩිය කන්න හොඳ නෑ. දවසට එක වේලක් කෑවම ඇති. මමත් තවම කාලා නැහැ. මමත් මේ කන්න කවුරු හරි බත් එකක් දෙනකම් බලාගෙන ඉන්නවා. වැඩිය කෑවම කොලොස්ටරෝල් සීනී එහෙම හැදෙනවා ඔය වගේ ඔබ බඩගින්නට ඇයි මම එයාගෙන් බත් එකක් ඉල්ලුවේ කියා ඔබටම හිතෙන තැනට එනකම් ඔවුන්ගේ මහා දේශයනක් අහගෙන ඔබට සිදුවේවි. නිකමට දවසක මොනවා හෝ ඉල්ලා බලන්න, ඔයාලට ආස හිතෙයි ඔය රැඩිකල් අයගේ අදහස් වලට

තමන් යම්කිසි මානසික ව්‍යාකූලතාවකින් පසුවන බව ලෝකයාටම ප්‍රදර්ශනය කරමින් සමාජයේ විෂමාචාර පතුරුවා හැරීමට කටයුතු කරන මනෝජා වැනි අය මොන වේදිකාවක රැගුම් රැගුවද ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇති බව පමණක් සටහන් කළ යුතුම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *