ජවිපෙ සහ චීනය අතර ප්‍රේමයට ෆොන්සේකාගෙන් උදැල්ලක්

ජවිපෙ සහ චීනය අතර ප්‍රේමයට ෆොන්සේකාගෙන් උදැල්ලක්

සජාත් මර්සුක් යන නම ලංකාවේ සාමාන්‍ය ජනයාට හුරු එකක් නොවුනත් විල්මා පිරමිඩ් කියන නම  කිව්වාම කවුරුත් දනී. ඔව් ඔව් අර බාල පොල්තෙල් ගෙන්වපු අය නේද? කියා ඔවුන් පෙරලා ප්‍රශ්න කරන තරමට ඒ නම හුරු ය. මේ සජාත් මර්සුක් එම විල්මා අයතනයේ අයිතිකාරයා මෙන්ම ලංකාව තුළ ෂැංග්‍රීලා හෝටල් සමූහයේද හිමිකරු ය. එමෙන්ම කුප්‍රකට සීනි බදු වංචාවෙන් රුපියල් බිලියන ගණනක බදු පොලු තැබීමට ද මේ මර්සුක් සම්බන්ධ ය. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මුදල් වියදම් කළ සජාත් මර්සුක්ට සීනි බදු වංචාව හරහා එම වියදම් කළ මුදල් නැවත උපයා ගැනීමට රාජපක්ෂලා උදව් කළේය.

එහෙව් සජාත්ට විපක්ෂ නායක සජිත් සමඟ ද පලහිලව්වක් ඇත.  එසේ නොමැති නම් කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ ජලනි ප්‍රේමදාසට අයත් තරු පංතියේ SALOON එකක් තියෙන්නට විදියක් නැත. සජාත් – සජිත් යාළුකම ඒ තරම් බලවත් ය. කොටින්ම සජිත් මොනවා ගැන කතා කළත් බදු වංචා ගැන කට හොලවන්නේ නැත්තේ මේ යාළුවා සහ දැනටත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිකමක් දරන යාළුවෙකු නිසා ය.

විපක්‍ෂ නායක සජිත්ට මේ දිනවල ෆොන්සේකා නාමය නයාට අඳුකොල වගේ උනාට ඔහුගේ හොඳම යාලුවා ද ෆොන්සේකා කෙනෙකි.  ඒ ලක්ෂ්මන් ෆොන්සේකා ය.

මේ ලක්ෂ්මන් ෆොන්සේකා පසුගිය දිනෙක මීගමුවේ දී සජාත් මර්සුක් මුණ ගැසී තිබිණ.  සජාත් මර්සුක්ගේ සම්භවය මැලේසියාව වෙතට දිව ගියද ඔහුගේ ව්‍යාපාර යොමුව තිබුනේ හොංකොං සහ චීනය වෙතය.

ලංකාව තුළ රාජපක්ෂ සමයේ සිට සජාත් මර්සුක් භූමිකාව ක්‍රියාත්මක වුණේ චීනයට අවශ්‍ය ලෙස ය.

ජවිපේ අනුරලාගේ ඉන්දියන් ගමන සම්බන්ධව චීනය යම්තාක් දුරකට කණස්සලු තත්ත්වයකට පත්ව ඇති අතර, මේ පිළිබඳ චීන – ජවිපෙ සම්බන්ධයේ අතරමැදියා වන විජිත හේරත්ට චීනය තම විරෝධය ද දැඩිව පල කර ඇත.

මේ ආරංචිය ලක්ෂ්මන් ෆොන්සේකාගේ කණ වැකුණු සැණින් ඔහු චීනයට කොක්ක දැමීම සඳහා සජාත් මර්සුක් පෙර සඳහන් කළ ලෙස මීගමුවේ හෝටලයක දී මුණ ගැසී ඇති බවයි ආරංචි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *