ජාතික ආණ්ඩුවක් ළඟ එනවා..? පොහොට්ටු සජබ පිරිසක් රනිල්ට එකතු වෙයි? අගමැති චම්පික ද? හිරුණිකා ඇතුලට. නඩු තියෙන අනෙක් අයටත් රතු එළියක්?

ජාතික ආණ්ඩුවක් ළඟ එනවා..? පොහොට්ටු සජබ පිරිසක් රනිල්ට එකතු වෙයි? අගමැති චම්පික ද? හිරුණිකා ඇතුලට. නඩු තියෙන අනෙක් අයටත් රතු එළියක්?

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ වෙත 2/3 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් මේවනවිට මෙහෙයුමක් දියත් කර තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලියන ලද ග්‍රන්ථය දොරට වැඩීම අද (28) යොදා ගෙන ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික්‍රමසිංහට ඇරයුම් කර ඇත.

එම ග්‍රන්ථය දොරට වැඩීමත් සමඟ දියත් කරන මෙහෙයුම ජූලි 02 වෙනි දින ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙන් ම, මේ දක්වා පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂ පිල වෙත සමීප මන්ත්‍රීවරුන්ගෙන් ද කොටසක් දිනා ගැනීම දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, නුදුරේ දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කොටසක් මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රී කොටසක් ද එකතු කරගෙන ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවීමේ සූදානමක් පවතින බව ද දේශපාලන පිටියේ කතාබහක් මතුව තිබේ. එසේ පිහිටුවන ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ කවුද යන්න ද එකී කතාබහ පිටුපස තිබෙන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන බව පැවසේ. පාඨලී චම්පික රණවකගේ නම එහි මුලින් ම කියැවෙන නමක් බවට පත් ව තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ඉහත කී ඡන්ද විමසීම වඩාත් තීරණාත්මක වනු ඇති බවට අනාවැකි පළ වන්නේ එහෙයිනි. මේ අතර, සමගි ජන බලවේගයේ ප්‍රබල චරිතයක් ලෙස නිතර කතා බහට ලක්වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ද, අද වන විට බරපතල වැඩ සහිත සිර දඬුවමක් හිමිව තිබෙන අතර, පසුගිය කාලයේ ආණ්ඩුව විශේෂයෙන් ම ජනාධිපතිවරයා විවේචනය කරන පුද්ගලයින් අතර හිරුණිකා කැපී පෙණුනි. පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ නඩු හබ සහිත මන්ත්‍රීවරුන්ට ද මෙය රනිල් ආණ්ඩුවේ ‘රතු එළිය’ පත්තු කිරීමක් බව ද දේශපාලන ලෝකයේ කතාබහක් මතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *