ජාතිවාදයේ නිර්මාතෘවරුන් නිදැල්ලේ – ඥානසාර වල පල්ලේ

ජාතිවාදයේ නිර්මාතෘවරුන් නිදැල්ලේ – ඥානසාර වල පල්ලේ

මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිංහල ජාතිකයන් තුළ වෛරී සිතුවිලි ඇතිවෙන ආකාරයේ කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඒ 2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකට ම වරදකරු කරමිනි.

2005 සිට වසර දහයක් රාජ්‍ය මුදල් ගසාකමින් රාජ්‍ය බලය ක්‍රියාත්මක කළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය 2015 වසරේදී අහිමිවීමෙන් පසුව නැවත 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා ක්‍රියාත්මක කළ මෙම ජාතිවාදී කුමන්ත්‍රණයේ බළල් ඇත බවට පත්වූයේ ඥාසාර හිමියන්ය.

මැදගොඩ අබේතිස්ස හිමි, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, උදය ගම්මන්පිල, අනුරාධා යහන්පත්, විමල් විරවංශ, බැසිල් රාජපක්ෂ වැනි කුමන්ත්‍රණකාරීන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම ජාතිවාදී කුමන්ත්‍රණය අවසානයේ වරදකරු වී සිරගත වීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ වහසිබස් වලට රැවටී ජාතියක්ම පාවාදුන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ටය.

අවසානයේ ජාතිවාදී කුමන්ත්‍රණයේ නිර්මාතෘවරුන් නිදැල්ලේ පසුවන විට ඔවුන්ගේ බළල් අත් සිරගත වෙමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *