ටිරාන් වෙනුවෙන් දිවි පරදුවට තබනවා.. උඩුවේ හිමිත් මාලිමාවට ද?
රටට යමක් කළ හැකි යැයි ක්‍රියාවෙන් සනාථ කොට ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කළ හැකි නම් සුදුසු යැයි උඩුවේ ධම්මාලෝක හිමි පැවසූ බව කුප්‍රකට පොලිස් ඇමැති ටිරාන් අලස්ගේ ‘මව්බිම’ පුවත්පත පවසයි.
කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කණගාටුවට පත්වන බව ද ධම්මාලෝක හිමි කියා ඇත.
කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පල වී ඇති අතර, යුක්තිය මෙහෙයුම නතර කිරීමට, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉවත් කිරීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වන්නේ නම් මහා සංඝරත්නය එයට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කරන බව ද ධම්මාලෝක හිමි අවධාරණය කර තිබේ.
විශේෂයෙන් ම ටිරාන් අලස්ගේ විශේෂ අනුග්‍රහය ලද මිත්‍ර පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුණ සමග ධම්මාලෝක හිමියන් එකතු වීමට යන්නේ දැයි සැකය මේ සමග ජනිත වන බව දේශපාලන විචාරකයෝ මත පල කරති.