ඩයනාගෙන් ජාතික රූපවාහිනියට දාර පොල්ලක්..!

ඩයනාගෙන් ජාතික රූපවාහිනියට දාර පොල්ලක්..!

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් නවගමු පෙරහර ජාතික රූපවාහිනියේ සජීවී විකාශනයක් ලබාගෙන ඒ වෙනුවෙන් ඇය ජාතික රූපවාහිනි සංස්ථාවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 09 මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887 වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනයක් ලබා දෙන ලෙසත්, තමන් ඒ සඳහා අනුග්‍රහයකින් සිටින බවත් එහි වගකීම තමන් පෞද්ගිලකිව දරන බවත් සඳහන් කරමින් සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ජාතික රූපවාහිනියට ලිඛිතව දන්වා තිබේ.

එම ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව නවගමුව පෙරහර මෙසේ සජීවී ලෙස විකාශනය කර ඇතත්, ඊට අදාළ රුපියල් ලක්ෂ 09ක මුදල ගෙවීම පැහැර හැර ඇත.

මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරි විසින් රාජ්‍ය ඇමති ඩයනා ගමගේට කිහිප වතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැතැයි වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 02 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *