තනි අශ්වයා දිනවීමේ ආතල් එක කුඩු?
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව කමිටුවේ ප්රධානත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණ යනු 1994 පමණ කාලයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ‘පුටුව’ ලකුණින් බිහි කෙරුණු සන්ධානයයි.
CBK යනු ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති නායිකාවක් වගේම ලංකාවේ බොහෝ දේශපාලකයන්ගේ පෙකනිවැල කැපු මහාගෙදර උරුමක්කාරියයි. අදටත් ලංකා දේශපාලනයේදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග(CBK)ට දේශපාලකයන් ගරු කරන්නේ එහෙයිනි.
CBK ට මේ පෙරමුණේ තීන්දු තීරණ ගැනීම සඳහා බලය ලබාදිමෙන් ම පෙනීයන්නේ ඉදිරි දේශපාලනය උඩු යටිකුරු කිරිම සඳහා සැළැස්මක් ඇඳෙමින් පවතින බවයි.
කෙසේ වුවද, මේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ගොඩ නැගෙන පෙරමුණක් නොවන බව නම් සක් සුදක් සේ පැහැදිලිය.
“පුලුවන්ද මාව පරාද කරන්න” කියපු රාජපක්ෂට ජනේලේ එල්ලෙන්න වැඩ සිද්ද කලේද මේ CBK මය. දිනන අශ්වයා තෝරාගැනීම සඳහා ඇයට මනා හැකියාවක් ඇත. ඉන් පසු දිනවන විදිහ ද ඇය දනී. එහෙම නොවන්නට අදත් බලය හොබවන්නේ රාජපක්ෂලාම ය.
චන්ද්‍රිකාට සියලු දේශපාලන දහාරාවන් එකතු කර ගැනිමේ හැකියාව ඇත. එයට පිටුවහලක් වන්නේ බහුතර දේශපාලකයන්ගේ මහ ගෙදර ශ්‍රීලංනිප විමය. ඉදිරියේ දී සජබයේ UNP යේ පවුරු කඩන් වැටෙද්දී අදටත් ඇයට ඒ සියල්ල එකම අරමුණක් වෙනුවෙන් එකතුකර ගැනිමේ හැකියාව 100% ක් බව ඔප්පු වෙනවා නිසැක ය.
ඇය එන්නේ රනිල් සජිත් ගෙන් තොර ව, අනුර කුමාර දිසානායකට මුහුණ දෙන්න පුලුවන් අපේක්ෂකයකු සමඟ බවට දැන් ඉඟි පලවෙමින් ඇත. ඒ කවුදැයි යන්න හෙට අනිද්දා දිනකම දැනගැනිමට හැකිවනු ඇත. එය සත්‍ය නම් අනුරගේ තනි අශ්වයා දිනවීමේ ආතල් එක කුඩු වෙනවා නියත ය.
බුරම්පි මාමා…