තමන්ගේම දැන් නායකයාගේ සැලසුමකට අනුව පරණ නායකයාගෙන් කඳුළු ගෑස් කෑ සජබ පාක්ෂිකයෝ!!!
රනිල් – සජිත් එකතු කරන ඇමරිකානු වෑයම ගැන අපි කිහිප විටක් මෙහි ගෙන හැර දැක්විය.
ලංකාවේ දී ඇමරිකානු තානාපතිනිය ජූලි චංග් මෙන්ම රනිල් ගේ ඩාවුස් ගමනේදී හමු වූ ඇමරිකානු නියෝජිතයන්ද මෙම උත්සහය ගත්තේය.
නමුත් සජිත් එයට දිගින් දිගටම විරුද්ධ වන්නේ ඇත්තටම ඔහු රනිල් සමඟ වන පුද්ගලික නෝක්කාඩුවක් නිසා ද නැත්නම් දැනටමත් ජනාධිපතිට ඇඳලා ඉන්න නිසාද දන්නේ ජලනි ආර්යාව පමණි. ඒක අප එසේ කියන්නේ ඇමරිකාව ජලනි ආර්යාව හරහා ද මේ රනිල් – සජිත් එකතු කරන උත්සාහය ගත්ත ද එය ද අසාර්ථක වූ නිසාය.
නමුත් අලුත්ම ආරංචියෙන් කියැවෙන්නේ හේතුව මේ දෙකම බවය.
සජිත් කිසි ලෙසකින්වත් රනිල්ට එකතු වෙන්නේ නැතිය. නමුත් දිගින් දිගටම ඇමරිකාව, ඉන්දියාව පැත්තෙන් පමණක් නොව තමන්ගේ පක්ෂයේ අයද ඔහුට මෙම එක්වීම සඳහා බලපෑම් කරන්නට වීම සජිත්ට මහත් හිසරදයක් විය.
මේ ප්රශ්නයට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට සජිත් – ජලනි – ලක්ෂ්මන් – ටිරාන් පැලෑනක් ගැසුවේය.
එය ක්රියාත්මක වූයේ පසුගිය ජනවාරි 30 වනදාය.
Vat එකට විරුද්ධ වන්නට කියා සජිත් තම පාක්ෂිකයන් කොළඹට කැඳවීය. විරෝධතාව කඳුලු ගෑස් සහ පොලිසිය යොදවා විසුරුවා හැරීමට ටිරාන් අලස් පොරොන්දු විය.
කොළඹ අධි ආරක්ෂිත කලාප අහලකට ආවේ නැති සජබ පෙලපාලියට පොලිස් ප්රහාර එල්ල වූයේ සජිත් – ටිරාන් පූර්ව සැලසුම අනුවය.
එය තිතට වැඩ කලේය.
සජබ ක්රියාකාරිකයන් කොළඹින් ගියේ ජනාධිපති රනිල්ට අම්මා මෝ නැතිව බණිමින්ය. UNP කාරයෙක් ජනාධිපති වෙලා ඉද්දි UNP අපිට ගුටිකන්නත් වුනා කියා ඔවුන් අඳෝනා නැගීය.
දැන් ඉතින් මොකා කිව්වත් රනිල් සමඟ එකතු නොවී සිටීමට සජිත්ට හේතු කාරණා පෙන්නිය හැක.
නමුත් සජිත්ගේ ටිකිරි මොළයට නොවැටහෙන්නේ තමන්ගේ පුංචි ලෝකය තමාගේ දෙපතුලට පහළින් තුනී තට්ටුවක් ඉතිරිව තිබියදී යටින් හෑරී යන බව පමණි.