තලතා ධුරයෙන් ඉවත් වූ බව ලිඛිතව දැනුම් දී නෑ?

තලතා ධුරයෙන් ඉවත් වූ බව ලිඛිතව දැනුම් දී නෑ?

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය.

නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ තලතා තවමත් ඒ බව නිල වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී නොමැති බව ය.

ජනාධිපතිවරණ සමයේ පුවත් මවමින් තිබෙන කාල සීමාවක තලතා අතුකෝරාළ විසින් සිදු කළ ප්‍රකාශය උණුසුම් මාතෘකාවක් වී දේශපාලන කරළියේ කතාබහක් මතු කර තිබේ. කෙසේවෙතත්, විශේෂයෙන් ම සමගි ජන බලවේගය අපහසුතාවට පත් කිරීමේ අරමුණක් එම ප්‍රකාශය තුළ ගැබ් ව පවතින බව පෙනී යයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව පැවැත්වීමට ඇත්තේ තවත් දින 2 ක් පමණි. එසේ හෙයින් තලතාගේ ඉල්ලා අස්වීම බොහෝ දුරට වාචික ප්‍රකාශයකට සීමා වීමේ ඉඩක් පවතින බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *