තලතා, හිරුනිකා, රෝහිණීට සජිත් බලවේගයෙන් කැපිල්ලක්..

තලතා, හිරුනිකා, රෝහිණීට සජිත් බලවේගයෙන් කැපිල්ලක්..

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කාන්තාවන් හට එල්ල වී තිබෙන අභ්‍යන්තර ප්‍රහාරයන් තව දුරටත් දරුණු වී ඇති අතර, හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නව වටයකින් කැපිල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ.

පසුගිය ආසන්න සති දෙක තුළ විවිධ රූපවාහිනී දේශපාලන සංවාද සඳහා ලැබී තිබුණු ආරාධනය ඉහළම තැනකින් කපා හැර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරාල ද මෙසේ සජිත්-ජලනි-ලක්ෂ්මන් ෆොන්සේකා බලවේගයේ කප්පාදුවට ලක් ව ඇති බව වාර්තා වේ.

රූපවාහිනී නාළිකාවල තෝරා ගැනීම් අනුව සමගි ජන බලවේගයේ නියෝජිතවරියක් ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍රට දිගින් දිගටම රූපවාහිනී සංවාද සඳහා අවස්ථාව ලබාදී තිබිණි. නමුත් අවසන් මොහොතේ එවැනි අවස්ථා කිහිපයක් ම කපා දාමා ඇති අතර එයට විකල්පයක් ලෙස එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවලට පරිබාහිරව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *