දයාලා දෙන්නෙක්ම ආවා..! දැන් සජබට අඩු ගෝටා විතරයි..!

දයාලා දෙන්නෙක්ම ආවා..! දැන් සජබට අඩු ගෝටා විතරයි..!

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සඳහා රාජපක්ෂලා සමග එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකාගේ විරෝධය පුස්සක් වී තිබේ.

ෆොන්සේකාගේ විරෝධය තුට්ටුවකට මායිම් නොකළ සජිත්, ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා දයා රත්නායක, සරත් ෆොන්සේකාට වඩා තමන්ට වටිනා බව පෙන්නුම් කළේය. සරත් ෆොන්සේකා කීවේ දයා රත්නායක ගන්නවා නම් ගෝඨාභයත් ගන්න කියාය.

දැන් සජිත් ජලනි බලවේගය තවත් ඉදිරියට ගොස් තිබේ. ඒ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ දයා සඳගිරි සමගි ජන බලවේගයට වද්දා ගැනීමත් සමග ය. නීති විරෝධී ලෙස අවි ආයුධ ඇතුළු රජයේ සම්පත් හා නිලධාරීන් භාවිතා කරමින් මුහුදු ආරක්ෂණ සේවයක් පවත්වා ගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ ඉහළම තනතුරක් දැරූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවික හමුදාපති දයා සඳගිරි රාජපක්ෂලාගේ කිට්ටුවන්තයෙකු බව රටම දන්නා කරුණකි.

ඔහු තමන් සමග එක් වූ සැනින් ඔහුට සමගි ජන බලවේගයේ ‘සමුද්‍රීය හා නාවික ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු’ ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

පසුගිය 2001 ජනවාරි මස 01 සිට ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස පත්වූ ඔහු වසර හතරකුත් මාස අටක් එම තනතුරේ කටයුතු කර විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 01 සිට අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් පත් කරනු ලැබීය.

පසුව හිටපු නාවික හමුදාපති දයා සඳගිරි, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරු මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සමග නිශ්ශංක සේනාධිපතිගේ දූෂිත ඇවන්ගාඩ් සමාගමේ ඉහළම තනතුරක් දැරීය.

මෑත වසර කිහිපය තුළ විශේෂයෙන් පැවති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඇවන්ගාඩ් සමාගමේ පිරිස් යොදවා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට එරෙහිව මැර ක්‍රියාවන්වල යෙදවීමටද කටයුතු කර තිබිණි.

සරත් ෆොන්සේකා කී ලෙස ම දැන් සමගි ජන බලවේගයට අඩු ගෝඨාභය රාජපක්ෂ පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *