දයාසිරි සජබ හා එක්වීමක් නෑ. ළඟදීම පෙරළිකාර තීන්දුවක්..!

දයාසිරි සජබ හා එක්වීමක් නෑ. ළඟදීම පෙරළිකාර තීන්දුවක්..!

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවදත් දේශපාලන සමාජය තුල පුවත් මවන්නෙකි. පෙරළිකාර තීන්දු තීරණ ගැනීමේ සහ ප්‍රකාශ සිදුකිරීමේ ඉතිහාසයක් ඇති ඔහුව පසුගියදා පැවති ශ්‍රිලනිප සම්මේලනයෙන් පසුව එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදී.

මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට තිබිණ.

මේ අතර වාර්තා වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමට සාකච්ඡා සිදු කරන බව සහ ලබන ජනවාරියේදී සජබ බිහිකරන නාලක ගොඩහේවා ගේ ප්‍රධාන ලේකම් ධූරයෙන් යුතු සන්ධානයට එකතු වන බවය. ඒ ඔස්සේ පුවත් නිර්මාණය කරමින් දයාසිරි, සමගි ජන බලවේගය සමග සම්බන්ධ වීමට යන බව පෙන්වීමට සමහර වෙබ් අඩවි උත්සාහ ගත් අතර, එම කතා දැන් පුස්සක් බවට පත්ව ඇති බව අප මින් පෙර වාර්තා කළෙමු.

කුප්‍රකට ඩීල්කරුවෙකු වන මහාචාර්ය ජී.එල්. පීරිස්ට අග්‍රාමාත්‍ය තනතුර ලබා දීමේ පොරොන්දුව හේතුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල වැනි මන්ත්‍රීවරුන් පවා දැඩි සිත් වේදනාවට පත් ව සිටින තත්ත්වයක් තුළ දයාසිරි ස.ජ.බ.ය හා සම්බන්ධ වීමට කිසිසේත්ම සූදානමක් නැති බවත්, කළක් ජී.එල්. ගේ ලේකම්වරයෙකු ලෙස ද, කටයුතු කොට ඇති දයාසිරි ජී.එල්. ගැන හොඳ හැටි දන්නා බවත්, එමෙන්ම සමගි ජන බලවේගය තුළ සජිත්ගේ බලය දිය වී යන තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය හා සම්බන්ධ වීමේ උවමනාවක් තමන්ට නැති බවත්, දයාසිරි තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇති බව ද අපි අනාවරණය කළෙමු.

මේ වනවිට වාර්තා වන ආකාරයට, දයාසිරි ජයසේකර මහතා ස්ථීර වශයෙන්ම සජිත් ප්‍රේමදාස සමඟ හෝ සජබ සමඟ එකතු නොවන බවත් තවත් පෙරළිකාර තීරණයක් ගැනීමට බලාපොරොත්තුවෙන් මේ දිනවල ඊට අදාළ සාකච්ඡා සිදු කරන බවත් ඒ මහතා ට සමීප ආරංචි මාර්ග පවසා සිටියී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *