‘දැන් කවදද අම්මා ජනාධිපති වෙන්නේ’ යැයි ඇසූ සජිත් ප්‍රේමදාස දැන් ලොකු ළමයෙක්
අවුරුදු නැකත් ගැන ජෞතිෂ්‍යය මාමලා අතර ඇති වූ රණ්ඩුවලට වඩා රණ්ඩු දැන් දැන් සජබ පැත්තෙන් වාර්ථා වේ.
එහෙම කිව්වට බැලූ බැල්මට පේන්නට තියෙන්නේ සමගියේ සමගිය ගැන බව ඉහත ප්‍රකාශය දකින කියවන ඔබට සිතිය හැක.
ගිය සතියේ සජබ තිබ්බටත් වඩා පුළුල් වුනා. G.L ලා , ඩිලාන්ලා, ගොඩහේවලා වගේ සෙට් එකක්ම සජබ එක්ක ගිවිසුමකින් බැඳිලා සමගි ජන සන්ධානය කියලා එකක් හැදුවත් නේද ? ඔබ අසනු ඇත.
ජනාධිපති රනිල්ට අනුව ඒ සිදු වුනේ සජබය පොහොට්ටුවට යට වීමකි. වැඩිදුරටත් මේ ගැන කථා කළ ජනපති රනිල් කිව්වේ දැන් සජබ තුළ UNP ප්‍රතිපත්ති නැති බව ය. සජබ ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්නේ වියත්මගේ නාලක ගොඩහේවාට ඕන විදියට යැයි ද රනිල් මාධ්‍යයට අදහස් දක්වමින් සජිත්ව විවේචනය කළේය.
මේ සමගි ජන සන්ධානය හැදෙන්නට වූ විලි රුදාව දැන් මාස හතරක පමණ වෙලේ සිට තිබූ නමුත් ඩලස් පිලෙන් පන්නා ගත් කිහිප දෙනා හැරෙන්නට සජිත්ට හෝ සජබය වෙනත් කවුරුත් එකතු කරගත නොහී සන්ධානය දිනෙන් දින කල් ගියේය.
එමෙන්ම මේ කීපදෙනා සජිත්ට ළංවනු දැනුන සමයේ සිට සජබ අභ්‍යන්තරයේ ගිනි පුපුරු ඇවිලෙන්නට ගති. විශේෂයෙන්ම නාලක ගොඩහේවා තමන්ගේ ආර්ථික උපදේශකයා වන බව ගාල්ලේ සජබ නියෝජිත හමුවකදී සජිත් ප්‍රේමදාස කිව්වදා සිට සජබ ආර්ථික කමිටු සාමාජිකයන් වන කබීර්, හර්ෂ, එරාන් පිටතට නොපෙන්වුවද යම් කළකිරීමකට පත්ව සිටියේය.
එහෙව් තත්වයක් තුළ සජිත් ප්‍රේමදාස මේ ඩලස් පිලේ සිටි කීප දෙනා සමග ගිවිසුමකින් බැඳෙද්දී එතන සජබ සභාපති සරත් ෆොන්සේකා පමණක් නොව ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවා නොසිටියේය. මාධ්‍යයට අදහස් දක්වමින් තිස්ස අත්තනායක මේ සන්ධාන ගිවිසුම ගැන තමන් දන්නේ ඊට පැය 24 කට පෙර බවත් මේ එකතුවෙන අය ගැන ලොකු පැහැදීමක් නැති බවත් කියා සිටියේය.
සජබ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන තලතා අතුකෝරාල ද ඊට සමාන අදහස් දක්වන අයුරු ද, එක්තරා YouTube නාලිකාවක ප්‍රචාරය වූයේ මේ ආසන්නයේ ය.
ගැටළුව වන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ අවුල් හදාගෙන පොහොට්ටුවේ සභාපතිව සිටි GL ව වියත් මගේ ලොක්කා වුන නාලකව තමන් ලඟට ගන්න තරම් 1993 තම පියා මිය ගිය පසු එංගලන්තයේ සිට දුරකථන ඇමතුමක් දී ” දැන් කවදද අම්මා ජනාධිපති ධූරයේ දිව්රුම් දෙන්නේ” යැයි හේමා ප්‍රේමදාසගෙන් අසා තිබූ සජිත් අනුවණද යන්නය.
නමුත් සත්‍ය වශයෙන්ම සජිත් මේ කරන දේ ඔහුගේ පැත්තෙන් නිවැරදි ය.
ඊට හේතුව වන්නේ ඉදිරි මාස කිහිපය තුළ සජිත් ගාව ඉතිරි වන්නේ මේ ටික දෙනා පමණක් බව ඔහු කාටත් වඩා හොඳින් දන්නේ වීම ය.
මේ විරුද්ධ වන තිස්සලා, තලතලා, හර්ෂලා, කබීර්ලා…. ඔක්කොම කොහොමත් ඉදිරි දින වල රනිල් වික්‍රමසිංහ ළඟට යන බව සජිත් දනී.
එබැවින් GL , නාලකලා පමණක් නොව එනවා නම් රෝහිත අබේගුණවර්ධනලා, ජොන්ස්ටන්ලාව පවා තමන් ළඟට ගොඩ කර ගැනීමට සජිත් ප්‍රේමදාස ඉන්න තත්ත්වය මත පසුබට නොවනු ඇත.