දේශබන්දු පොලිස්පති වෙන්නත් කළින් බිරිඳට තනතුර දෙයි

දේශබන්දු පොලිස්පති වෙන්නත් කළින් බිරිඳට තනතුර දෙයි

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන මහත්මිය පොලිස් පවුල් සුබසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත්වී සිටින්නීය.

කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි පොලිස් පවුල් සුභ සාධක සංගමයේ කාර්යාලයේදී මේ වෙනුවෙන් පැවති උත්සවයේදී ඇය එම තනතුරේ වැඩ බාර ගත්තාය.

මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව තත්කාලීන පොලිස්පතිවරයාගේ බිරිඳ වෙත හිමි වන අතර ඇය වැඩ බාර ගැනීමේ අවස්ථාවට මෙම සංගමයේ හිටපු වැඩ බලන සභාපතිනි ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මියද සහභාගී වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *