නවීන් දිසානායකට කැපිල්ලක්. රනිල් ගාව ඉන්න කෙනෙකුට දොස්

නවීන් දිසානායකට කැපිල්ලක්. රනිල් ගාව ඉන්න කෙනෙකුට දොස්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායකගේ ජ්‍යෙෂ්ඨ පුත් නවීන් දිසානායක එජාපය කඩාගෙන සජිත් සජබය හදද්දී එජාපය හැර දමා නොගියේ ය. ඒ තම බාල සොහොයුරු මයන්ත දිසානායක සජිත් සමග යද්දී ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ජනතාව ඇමතූ පළමු ජන රැළිය පැවැත්වුණේ කුලියාපිටියේ දී ය. එම ජන හමුවේ කතාවක්, නවීන් දිසානායකටත් ලබා දෙන බව පොරොන්දු වී තිබිණ.

එහෙත් හිටිහැටියේ නවීන්ගේ කතාව ජන හමුවේ කතා ලැයිස්තුවෙන් කපා දමා ඇති බව නවීන්ට ආරංචි විය. කාලයක් තිස්සේ මදිපුංචිකම්වලට ලක්වෙමින් සිටි නවීන් දිසානායක මේ ආරංචිය දැන ගැනීමත් සමග දැඩි කණගාටුවකට පත් ව තිබේ.

ඔහු වහාම සිදු කළේ, අදාළ රැස්වීම වර්ජනය කිරීම ය. ඉන් නොනැවතුණු නවීන් තමන් එජාප රැස්වීම වර්ජනය කළ බවත්, තමන්ට කතාවක් නොදීම ඊට හේතු වූ බවත්, මාධ්‍ය හමුවේ පවසා තිබේ.

“රනිල් වික්‍රමසිංහ නායකතුමා වෙනුවෙන් මේ වගේ තීරණ ගන්නෙ කවුද කියලා මට පුදුමයි. මම පක්ෂය වෙනුවෙන් පෙනී සිටිනවා, ඒත් මනුස්සයෙකුට කියලා ආත්ම ගෞරවයක් තියෙනවනෙ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *