නාමල්ගේ දස බල සේනාව තනිවෙයි. ප්‍රසන්නත් වැඩේ මහහරියි.

නාමල්ගේ දස බල සේනාව තනිවෙයි. ප්‍රසන්නත් වැඩේ මහහරියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ දස බල සේනාවේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම සඳහා ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ.

ගම්පහ දිවුලපිටියේ පැවැති මෙම වැඩසටහනට ගම්පහ පොදුජන පෙරමුණ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් වන නායක ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුම සහභාගී නොවීම විශේෂත්වයකි.

ඒ සඳහා සහභාගි වූ පොදුජන පෙරමුණේ එකම මන්ත්‍රීවරයා වූයේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පමණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැරෙන්නට ඊට සහභාගි වූයේ රෝහිත අභය ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි යන අයයි.

එම දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු තේරී පත්ව සිටින අතර, ඉන් හය දෙනෙකු විපක්‍ෂයට එක්ව සිටින අතර ආණ්ඩු පක්‍ෂයේ හය දෙනෙකු සිටී.

මේ පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ තමන් එදින ජනාධිපති කාර්යාලයේදී සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සාකච්ඡාවකට සම්බන්ධ වී සිටි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *