නාමල් ජාතික සංවිධායක කිරීමෙන් පොහොට්ටුවේ තවත් දෙදරීමක්..!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි.
පක්ෂය ජාතික සංවිධායක ධූරය සඳහා පක්ෂි පක්ෂයේ වෙනත් ජේෂ්ඨයෙකුගේ නමක් යෝජනා කිරීමට කටයුතු සූදානම් කර තිබියදී මෙම පත්කිරීම සිදුකිරීම ඊට හේතු වී තිබේ.
ඉකුත් බදාදා දිනයේ පක්ෂ විධායක සභාවට එම ජ්‍යෙෂ්ඨයාගේ නම ජාතික සංවිධායක ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද නාමල් රාජපක්ෂගේ නම යෝජනා ස්ථිර කිරීමත් හේත් සමඟ එම සැලසුම ක්‍රියාත්මක වී නැත.