නාමල් බේබි බලාගන්න ම.රා.  පවුලේ ආයාවරයකු ලෙස පත් කරගත් GL සජිත්ගෙ ආණ්ඩුවේ අගමැතිලූ!

නාමල් බේබි බලාගන්න ම.රා. පවුලේ ආයාවරයකු ලෙස පත් කරගත් GL සජිත්ගෙ ආණ්ඩුවේ අගමැතිලූ!

ජීඑල් 94 දී චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට ඇතුල් වූ කල සමාජයට තිබුණේ උද්දාමයකි. ඒ දුෂණයෙන් ඔද වැදී තිබුන ලාංකික සමාජය හරි මඟකට යොමු කිරීමට චන්ද්‍රිකා ආණ්ඩුවේ උගතුන්ට හැකියාව ලැබෙනු ඇතැයි සිතාය. සමාජය තුළ තිබු එම බලාපොරොත්තුව යම් ආකාරයකට හෝ ඉටු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පමණකි. නමුත් ජීඑල්ගේ දේශපාලන ගමන් මාර්ගය සනිටුහන් වන්නේ දේශපාලන මඩගොහොරුවේ පවතින මඩ තම ආත්මාර්ථකාමී බල අරමුණු සඳහා ම කැපවෙමින් සියතින්ම සියොළඟ තවරා ගත් පුද්ගලයකු ලෙසට ය. ජීඑල් තම ආත්මාර්ථකාමීත්වය තුළින් වැර යොදා පහර දුන්නේ සමාජ හෘදය සාක්ෂියටය. ඒ අනුව ජීඑල් ඉතිහාසගත වන්නේ බුද්ධියට නිගා දුන් බුද්ධිමය චෞරයෙකු ලෙසටය. සැබවින්ම ලාංකික දේශපාලනය තුල ජීඑල් වාර්තාගත වන්නේ ප්‍රමුඛ පෙලේ බුද්ධිමය වංචනිකයකු ලෙසටය.

චන්ද්‍රිකා සමග එක්ව 2000 ව්‍යවස්ථාව ගෙන එනු ලැබුයේය. තවත් බොහෝ ප්‍රගතිශීලී අණපනත් ගෙන ආවේය. චන්ද්‍රිකා රටට හඳුන්වාදුන් මහාචාර්යවරයා විසින් ඉන් පසුව සිදු කළේ චන්ද්‍රිකාගේ අත සපා කෑමය. 2001 දී රනිල්ගේ ආණ්ඩුවට හේත්තු වුයේ චන්ද්‍රිකා රටට ද්‍රෝහිනියක් ලෙස හඳුන්වාදෙමිනි.
රනිල්ගේ ආණ්ඩුව යටතේ ජීඑල් 17 ගෙනාවේය. එල්ටීටීය සමඟ සිදු කල සාකච්ඡාවන්හි රජයේ පාර්ශවයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කලේය. ජීඑල් එහිදී කීවේ උතුරට සුදුසුම විසඳුම ෆෙඩරල් පන්නයේ විසඳුමක් බව ය.

2003 මැතිවරණය හරහා එජාප ජාතික ලයිස්තුවෙන් පැමිනි ජීඑල්, රනිල් අතහැර මහින්දට එක්වුනේය. මහින්ද එදා ජීඑල් තම පිලට ගත්තේ වෙන කිසිවකට නොව තම පුතු නාමල්ව groom කර ගන්නටය. එදා සිට ජීඑල් මහින්දගේ කඳවුර තුළ රඟ දැක්වුයේ ඉංග්‍රිසියෙන් කතා කරන කවටයකු චරිතයකි.

94 දී දුෂණ විරෝධී පනත ගෙන ආ ජීඑල්ට රාජපක්ෂලාගේ දුෂණ පිලිබඳව කිසිදු හිරිකිතයක් නොදැනුනේය. 17 ගෙනා ජීඑල් මහින්ද රජ කිරීමට ගෙන ආ 18 ට අත ඉස්සුවා පමනක් නොව 18 තහවුරු කරන්නට බුද්ධිමය පච ඇද බෑවේය. උතුරට ෆෙඩරල් දෙන්නට කතා කළ ජීඑල්, මහින්දගේ යුද ජයග්‍රහණය හරහා දේශප්‍රේමියෙකු බවට තමන්ම ප්‍රකාශ නිකුත් කර ගත්තේය.

ඉන් අනතුරුව, බැසිල් ජීඑල් තම පොහොට්ටු පක්ෂයේ සභාපති කර ගත්තේය. ලංකාවට විනාශය ගෙන දුන් ගෝඨාභය දේශපාලනයේ ප්‍රමුඛ කාර්යභාරයක් කරමින් ජනතාව රැවටුවේය. ඒ නිසාම ගෝඨාභය ජනාධිපතිගේ කැබිනට්ටුවේ ප්‍රමුඛ පෙලේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. 20 වන සංශෝධනය ගෙන ආවේ ගෝඨාබය ව්‍යවස්තාපිත රජකු කරවන්නටය. ජීඑල් 20 සංශෝධනයේ නිර්මාපකයා වුයේය. ගෝඨා රටේ බංකොලොත්භාවයට වගකිව යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරනය කියන කල ඊට ජීඑල් වගනොකිව යුතු යයි කිව හැක්කේ වංචනිකයකුට පමණකි.

අරගලය හරහා රාජපක්ෂ බලය වැහැරෙන කල ජීඑල් සීරු මාරුවෙන් තම ගියර් මාරු කර ගන්නේ තමන් අතීතයේදී චන්ද්‍රිකාට, රනිල්ට බෙදා දුන් ද්‍රෝහීත්වය මහින්ද ඇතුලු නඩයට ලබා දෙමිනි. දැන් ජීඑල් හැසිරෙන්නේ විපක්ෂයේ මහා ගැලවුම්කරු ලෙසටය. දේශපාලනයේ හයක් හතරක් නොදන්නා අනාගත ජනාධිපති සිහිනයකින් පමණක් පෙලෙන සජිත්ට ජීඑල් මහා වීරයෙක් ලෙස පෙනී ගොස් තමන්ගේ අනාගත රජයේ අගමැති ධූරයද පිරිනමන්නට දැන් එකඟවී ඇති බවක් වාර්තා වන්නේය.

එවැන්නක් තුලින් පෙන්වන්නේ සජිත්ට මෙන්ම ජීඑල්ට ලාංකික සමාජය පිලිබඳව පවතින තක්සේරුවයි. මහින්ද-බැසිල් දේශපාලනයට දශක ගණනාවක යටව සිටි එයට විපක්ෂව සිටි ජනතාවට සජිත් ලබා දෙන්නට යන දේශපාලන තිලිණය අනර්ඝය. ජීඑල් සිතන්නේ මෙරට ජනතාව පිදුරු කන ගවයන් බවය. සජිත් හිතන්නේ ජීඑල්ගේ බුද්ධිය ජනතාවට තොරොම්බල් කොට රටේ ජනාධිපති වීමටය.

මේ සියල්ල මගින් පෙන්වන්නේ රටේ දේශපාලන පංතියේ පවතින අඳ බාල කමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *