නිමල් සිරිපාලගේ බිරිඳ කරපු නොහොබිනා වැඩේ!
වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ බිරිඳ අයිරාංගනී ද සිල්වාට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කර තිබේ.
ඒ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කිරීම සම්බන්ධයෙනි.
මෙම අධිකරණ නියෝගයට අනුව සැකකාර ඇමැති බිරිඳ එදිනට අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇය අධිකරණයට අපහාස කළා සේ සලකා ඉදිරි කටයුතු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.
සැකකාරිය කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යන එම්.කේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයේ එළ ගවයන් 06 දෙනකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහේස්ත්‍රාත් මීට වසර 10කට පමණ පෙර නියෝග කර ඇතත් සැකකාර ඇමැති බිරිඳ එම අධිකරණ නියෝගය කඩ කර තිබිණැයි අධිකරණයේදි හෙළි විය.