නුවරඑළියේ සජබ ලොක්කෙක් රනිල් ගාවට..?
නුවරඑළිය දිස්ත්රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්රබලයකු ඉදිරයේදි එක්සත් ජාතික පක්ෂයට එක්විමට සිටින බව සමගි ජන බලවේගයේ හිටපු සංවිධායකවරයකු වන අසෝක හේරත් මහතා පවසයි.
පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබල වේගයෙන් නුවරඑළිය දිස්ත්රික්කයට තරග කර පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු අසෝක හේරත් මහතා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්රික්කයේ සමගි ජනබල වේගය නියෝජනය කරන ප්රබලයකු එම පක්ෂය පිලිබදව මේ වන විට කල කිරිමකට ලක්ව ඇති බවත්ය.
එම තත්වයන් මත ඔහු ඉදිරියේදි එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්විමට සුදානමින් සිටින බවත් ඒ අනුව ඔහු ඉදිරයේදි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවි එක්සත් ජාතික පක්ෂයට එක්විමට නිමිත බවත්ය.