පක්ෂ විපක්ෂ මන්ත්‍රී 09 ක් කෝප් කමිටුවෙන් අස්වෙද්දී අනුරටත් අයින් වෙන්න සිද්ධ වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද ඉල්ලා අස් වී තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. කෝප් කමිටුවේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 30 දෙනෙකි.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාමිණී වලේබොඩ
- දෙමළ ජාතික සන්ධානයේ ෂානක්කියන් රාසමාණික්කම්
- සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න,
- සමගි ජන බලවේගයේ හේෂා විතානගේ
- සමගි ජන බලවේගයේ එස්. එම් මරික්කාර්
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චරිත හේරත්
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දයාසිරි ජයසේකර
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වසන්ත යාපා බණ්ඩාර
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දුමින්ද දිසානායක
- ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක