ප්‍රසන්නගෙන් කැම්පේන් කාර්යාල – ටිරාන්ගෙන් පක්ෂයක් – රනිල්ට වටෙන්ම උදව් !!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු සන්ධානයක් යටතේ තරග කිරීමට සූදානමකින් සිටින බව දැනටමත් මත පල කර ඇත.
බොහෝ දුරට එම පක්ෂය ඇමති ටිරාන් අලස් මහතා නායකත්වය දරන ජංගම දුරකතනව ලකුණු දරන එක්සත් මහජන පක්ෂය වනු ඇති බවත් දැනගන්නට තිබේ.
මේ අතර, රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව නාගරික සංවර්ධන ඇමැති මෙන්ම, රාජපක්ෂලාගේ දිගුකාලීන හිතවතෙකු ද වන ප්‍රසන්න රණතුංග පවසයි. දැනට කතා වෙන අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත්, ඔහු අභියෝගය භාරගෙන අභියෝගය ජයගත් නායකයෙක් බවත් ප්‍රසන්නගේ අදහසයි.
“රටේ සිස්ටම් එක වෙනස් කරන්න හදන නායකයෙක් විදිහට මේ වෙලාවේ සුදුසුම කෙනා ඔහුයි. රටේ ජනතාව ඉල්ලන්නෙත් ඒකයි. එතුමට සහයෝගය දැක්වීම අපි යුතුකමක් ලෙසයි මා දකින්නේ.” ප්‍රසන්න එසේ කියා නතර වන්නේ ද නැත. අප මින් පෙර හෙළිදරව් කළ පරිදි ප්‍රසන්න රනිල් වෙනුවෙන් දැනටමත් මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයක් ද ආරම්භ කොට අවසන් ය.
දැනටමත් ටිරාන් අලස්ගේ පක්ෂයේ දේශපාලන ලේකම් ධුරය සඳහා ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් ද පත් කර ඇති අතර, එම පක්ෂයේ තවත් නිලතල ගණනාවක් වෙනස් කර ප්‍රතිව්‍යුහගත කිරීමට ද තීන්දු කර ඇති බව ද වාර්තා වේ.