ප්‍රසන්න බැසිල්ගෙන් බෙල්ල මුලින් ම කැපෙයි
අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පල කරමින් ඉරිදා (21) දිනයේ දී ගම්පහ, කඩවත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කිරීමට බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු ගෝලබාලයන් වන ගම්පහ පොහොට්ටු ප්‍රබලයන් තීරණය කොට තිබේ.
ඒ අනුව, එම රැස්වීමට සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර යන අය දැනටමත් ප්‍රසන්න වෙත දැනුම් දී අවසන් ය.
එමෙන්ම, ගම්පහ පොහොට්ටුවේ ආසන සංවිධායකවරුන් ද, එම රැස්වීමට සහභාගී නොවන බව අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ප්‍රසන්න රණතුංග, බියගම පොහොට්ටු සංවිධායකවරයාට කතා කොට ඇති අතර, හෙතෙම එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ද, සිදුව ඇති අතර එම උණුසුම් සංවාදය බියගම සංවිධායකරයා විසින් පටිගත කොට පක්ෂයේ ප්‍රධානීන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද දැනගන්නට ඇත.
මීට අමතරව ගම්පහ පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 19 දෙනෙකු සිටින අතර, ඉන් 15 දෙනෙකුම මෙම රැස්වීම වර්ජනය කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.