පාර්ලිමේන්තුව විසිරවීමක් නෑ. සන්ධානයට මන්ත්‍රීවරුන් ගන්න සජබෙන් ගහපු අතේ රෝලක්..! සමාජ මාධ්‍ය මෙහෙයුම ගොඩහේවාගේ

පාර්ලිමේන්තුව විසිරවීමක් නෑ. සන්ධානයට මන්ත්‍රීවරුන් ගන්න සජබෙන් ගහපු අතේ රෝලක්..! සමාජ මාධ්‍ය මෙහෙයුම ගොඩහේවාගේ

පාර්ලිමේන්තුව විසුරුවනවා කියන පුවත ‘ප්ලාන්ට්’ කරලා තියෙන්නෙ සමගි ජන බලවේගයට හිතවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින්. මොකද මේ වෙනකොට කොහේටවත් ‘ප්ලග්’ වෙන්න බැරි මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. විශේෂයෙන් ම පොහොට්ටුවෙ රාජපක්ෂලාගෙන් වෙන්වෙලා ස්වාධීන වූ පිරිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාලගෙන් වෙන්වෙලා ඇමැතිකම් එහෙම අරගෙන ඉන්න පිරිස, විමල්,වාසු, ගම්මන්පිල කණ්ඩායම, ඩලස් පිල ආදී කොටස්. මේ පිරිස් ඉදිරියෙදි රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා එක්ක එකතුවෙනවා වෙනුවට සමගි ජන බලවේගය කෙරෙහි ආකර්ශනය කරගැනීමක් කිරීම සඳහා තමයි සජබය විසින් මේ පාර්ලිමේන්තුව විසිරවීමක් ගැන ප්‍රචාර යවමින් ඉන්නේ. මේක සමගි ජන බලවේගයේ අතේ රෝලක්.

දැන් ම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් එනවා කියන එක සජබයේ අතේ රෝලක් කියලා කියන්න හේතු ගොඩයි. එකක් තමයි මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්නේ ජනාධිපති ධුරයට තරග කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි. මින් පෙර අපි අනාවරණය කරපු විදියට ම රවී කරුණානායකලා තනතුරු ඉල්ලගෙන නටන නාඩගම නිසා එජාපයේ පවතින අභ්‍යන්තර බර අරගලය සමග එන ව්‍යාකූලත්වය. ඒ නිසා රනිල්ට එජාපය ඇතුලේ ‘සපෝට්’ එකක් නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුවෙ රාජපක්ෂවාදී බහුතරය කියන්නෙ රනිල්ට සපෝට් කරන්නේ ජනාධිපතිවරණයක් තියෙනකම් විතරයි කියලා. ඒ කියන්නෙ ආණ්ඩුව පාලනය කරන පාලක පක්ෂය වන පොහොට්ටුවෙත් රනිල්ට සපෝට් එකක් නෑ. ඒ ඔක්කොමත් හරි රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා දුන්න ‘බදු මල්ල’ සහ ‘බිල් මල්ල’ නිසා රටේ ජනතාවගෙනුත් රනිල් තවත් ප්‍රතික්ෂේප වෙලා. මේ නිසා තමන්ට අපේක්ෂකත්වය ගන්න හෝ දිනන්න ඇති අඩු සම්භාවිතාව ඉතාම අඩු යි කියලා රනිල් දන්නවා. ඒ අනුව ඉන්න පුලුවන් උපරිම කාලය ධූරයේ ඉන්න රනිල් කල්පනා කරනවා.

අනෙක් අතට පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණය තිබ්බොත් ජාතික ආණ්ඩුවක් හදා ගත්තත් ඒ තුල අපේක්ෂකත්වය නොලැබීයාම ට ඇති ඉඩ නිසා රනිල් දැන්ම පාර්ලිමේන්තුව විසිරවීමකට යන්න ඉඩක් නෑ. පළමුව මහමැතිවරණය පවත්වා ජාතික ආණ්ඩුවක් පත් වුනාට පස්සේ ඒ පත්වෙන මන්ත්‍රීවරුන් දැන් කොහොමත් මන්ත්‍රීවරුන් නිසා රනිල්ට ජනාධිපතිවරණය තුල උදව් නොකර සිටීමට ඉඩකුත් තියෙනවා. (මේක නිසා තමයි ලංකාවේ කොහොමත් මුලින්ම ජනාධිපතිවරණ තියන්නේ ) ඒ බව රනිල් හොඳින්ම දන්නවා. ඒ වගේම පළමුව ජනාධිපතිවරණය පවත්වා ඒ තුල ජවිපය පරාජය කිරීම හරහා එහි ක්‍රියාකාරීන් දුර්මුඛ වීමේ වාසිය ලබා ගන්න උනත් රනිල් කල්පනා කරනවා ඇති. ( මොනවා වුනත් කෙළවර තම පන්තිය ගැන සිතා කටයුතු කිරීම JR ගේ සිටම කෙරුණනේ). එහෙමත් නැත්නම් දැනට තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බිඔත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඉහළ ආසන ප්‍රමාණයක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. බැරි වෙලාවත් ඔවුන් දින්නොත්, ජනාධිපතිවරණය වුනත් අනුරට දිනන්න පුළුවන් කියලා සැකයක් රනිල්ට තියෙනවා. ඒ නිසා විසිරවීම ගැන දෙපාරක් හිතන්න රනිල් පෙළඹෙනවා. පාර්ලිමේන්තුව කළින් විසිරුවලා හැරියොත් රනිල් විසින් නඩත්තු කරන, එහෙම නැත්නම් රනිල්ව අල්ලගෙන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වෙන තත්ත්වයක් තුළ හිටිහැටියෙ පාර්ලිමේන්තුව විසුරුවලා හරින්න රනිල් කොහෙත්ම සූදානම් වෙන්නෙ නෑ. තව පැත්තකින් මාස 8 ක් වගේ කෙටි කාලයක් ඇතුළත රටේ ප්‍රධාන පෙළේ මැතිවරණ දෙක වන පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය එක දිගට තියන්න ගියාම වෙන වියදම දැනට පවතින ආර්ථික තත්ත්වය මත දරන්න හරිම අමාරුයි වගේම ඒ වගේ දේකට මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක ගිවිසුම්ගත වෙලා ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙසේවත් ඉඩ දෙන්නෙ නෑ.

මේ වගේ හේතු රාශියක් නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවලා හැරලා මහ මැතිවරණයකට යයි කියන එක සිදුවිය හැක්කක් නෙවෙයි. මේක තමන්ට මන්ත්‍රීවරු බාගන්න සමගි ජන බලවේගය විසින් පතුරුවන අතේ රෝලක් කියන එක ඉතාම පැහැදිලියි. මේ අතේ රෝලට අලුතින් සජිත් එක්ක සන්ධානගත වෙච්ච නාලක ගොඩහේවාත් සම්බන්ධ බවට අපිට ආරංචියි. මෙහි සමාජ මාධ්‍ය මෙහෙයුම සඳහා සියළු වියහියදම් දරා ඇත්තේ මින් පෙර අපි වරුනාව ඉදිරිපත් කළ කුප්‍රකට ගොඩහේවා විසින් බව ද අපට දැනගන්නට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *