පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් සැඟවීමේ අවතාර අතර විජේදාස…? Lanka E-News අනාවරණය කරයි
21 පාස්කු ඉරිදා තුන්සියකට ආසන්න පිරිසකට දිවි අහිමිකළ 500 දෙනෙකු සදාකාලික ආබාධිතයන් බවට පත්කල තිරස්චීන ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉටු නොවී දැන් වසර පහක් ගතව ඇත.
එකී ප්‍රහාරය කල් යල් බලා සහරාන්ලා නම් අන්තවාදීන් යොදවා එල්ල කළේ ගෝඨාභය නැමති ත්‍රාඩ මිනීමරුවා බලයට ගෙන ඒමටය. එකී අභිරහස ෙයටගැසීමේ අරමුණින් සාක්ෂි වසන් කිරීම සඳහා විමර්ශකයින් සහ සැකකරුවන් මරාදැමීම, බරපතල සාක්ෂි විනාශකිරීම, ජනාධිපති කොමිසම් විමර්ශන වාර්තා විකෘති කරවීම වැනි අවනීතික ක්‍රියා අතොරක් නැතිව ඉකුත් කාලය පුරා දැකගත හැකිවිය. අපි ඒවා ගැන වාර්තා කළෙමු.
අලුත්ම ජවනිකාව රඟන්නේ විජේදාස…
එහි අලුත්ම ජවනිකාව රඟමින් සිටින්නේ වත්මන් අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. පුදුම නොවන්න. සත්‍යය ප්‍රබන්ධ වලටත් වඩා අරුම පුදුමය.
එකී සමුහ ඝාතන ප්‍රහාරය සක්සුදක්සේ දැනසිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නීතියේ රැහැනට අසුවීම වලක්වාලමින් ඔහු ආරක්ෂා කරමින් සිටින්නේ විජේදාස රාජපක්ෂ ය. විජේදාසගේ ඉලක්කය සිරිසේනගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන පොදු අපේක්ෂකයා වීම ය. අනික් පැත්තෙන් සිරිසේනගේ එකම ඉලක්කය එවැනි අවස්ථාවක් විජේදාසට ලබා දෙන බව පවසා, එසේ අඟවා, නීතියේ බලපෑමෙන් මිදී සිටීමය. පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිරිසේනට ලැබුනු නියෝගයට මුහුණ දීමෙන් වැලකී සිරිසේන කට්ටිපැන්නේ කෙසේද? කාගේ සහායකින්ද? යන බරපතල සැකය රට හමුවේ රාවප්රතිරාව නංවමින් තිබේ.
බරපතල සැක අතීත කතාවක්…
ජනාධිපති සිරිසේනගේ යහපාලන ආණ්ඩුවේ අධිකරන ඇමතිවරයා වුයේද විජේදාස රාජපක්ෂයි.
මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ 2015 – 2019 කාල සීමාවේ සිරිසේන තමන්ගේ යටතේ තිබු ආරක්ෂක අමාත්‍යංශයට සමීප පත්වීම් දෙකක් ලබාදුන්නේය. එකක් තම දියණියගේ එනම් චතුරිකාගේ ස්වාමියා වූ තිලිණ සුරංජිත්ට ආරක්ෂක අමාත්‍යංශයේ ජනාධිපතිගේ මහජන සම්බන්ධතා ලේකම් තනතුරත්, විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂට ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් තනතුරත් ලබා දීමයි.
පාස්කු ප්‍රහාරය නිසැක ISIS පන්නයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහිත ප්‍රහාරයක් බවත්, එය එල්ල වුයේ රටේ බුද්ධි අංශ අඩපණකිරීමේ වරද නිසා බවත්, ප්‍රහාරයත් සමග විජේදාස පුර්ව නිගමනවලට එළඹෙමින් එකහෙලාම කියා සිටියේය. ඊට අදාලව ව්‍යාජව සකසන ලද ලිපිගොනු, නිර්මානාත්මක කතා විජේදාසට කල්වේලාසන සිට ලැබී තිබෙන්නේ සිරිසේනගේ බෑනා වන තිලිණ ද දැනුවත්ව රඛිත රාජපක්ෂ මාර්ගයෙනි. විජේදාස කල්තියා එනම් 2017 සිට වරින්වර පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කියා තිබෙන්නේ ගෝඨාභය ගැති බුද්ධි අංශ කන්ඩායමක් ලබා දී තිබූ ව්‍යාජ වාර්තා පදනම් කරගනිමින්ය. සහරාන්ලාගේ ප්‍රහාරය ජාත්‍යන්තර උවමනාවකට එල්ල කළ බවට හැඟවීමට කල්තියා සකසනලද ව්‍යාජ වාර්ථා පදනම් කරගනිමින් විජේදාස සහ මහාචාර්ය රොහාන් ගුණරත්න නැමත්තාද ඉතාම කඩිමුඩියේ මාධ්‍ය සංදර්ශන මාලාවක් පවත්වනු ලැබූහ.
තවද ඊට සමාන ව්‍යාජ වාර්තා සමාජගත කරවීමට අදාලව ගෝඨාභයට පක්ෂපාතී එකී කන්ඩායම බොදු බලු සංවිධානයේ ලේකම් ඥාණසාර ද දීර්ඝකාලයක සිට යොදාගෙන තිබේ. සහරාන්ලාගේ ප්‍රහාරයත් සමග එය නිසැක ISIS ප්‍රහාරයක් බවට පිලිගන්නා ලෙසට එම සංවිධානයෙන් බැගෑපත්ව ඉල්ලා සිටි බවට පසුව හෙලිදරව් විය. ගෝඨාභය ජනාධිපති කරවීම සඳහා විජේදාස රාජපක්ෂ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරමින් යහපාලනය පතුරු ගැසූ ආකාරය බොහෝ දෙනෙකුට අමතකව නැත. පලාගිය ජනාධිපති ගෝඨාභය ඊට සන්තෝසම් ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්නට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක්ද පිරිනැමීය.
සහරාන්ලාගේ සමුහ ඝාතන ප්‍රහාරයත් සමග දෙරණ, හිරු වැනි නාලිකා ඔස්සේ පෙන්වන ලද සමාජය තැතිගන්වන සුළු බියජනක කතා ද, හඬ පට, තවත් නිර්මානාත්මක දර්ශන ද ඉදිරිපත් කරන ලද්දේ ඒ සැලැස්මට අනුව එකී ප්‍රහාරය තනිකරම ISIS වැඩක් ලෙස ජනමතයක් ගොඩ නැගීමේ අරමුණින්ය. ඔබට මතක නම්, සහරාන්ලා බෝම්බ ගෙන යාමට අවශ්‍ය බෑග් මිලදී ගැනීම් වැනි දර්ශන එකී නාට්‍යයේ නිර්මාණාත්මක දිගුවකි. නියත ලෙසම බෝම්බ නිෂ්පාදනය, ඒවා කොළඹ දී ලබාදීම, සහරාන්ලාට තරුපන්තියේ හෝටල්කාමර වෙන් කිරීම ද එකී ප්‍රහාරය පසුපස තවමත් හොල්මන් කරන මිනීමරුවන්ගේ මැදිහත්වීම් මත සිදූවු ක්රියාදාමයන්ය. (එම සිද්ධීන් ගැන මේ ලියුම්කරු ගේ කලින් ලිපිවල හෙළිදරව් කර තිබේ.)
මේ සියලුම සැකකරුවන් හඳුනාගත යුතුය…
අපේ ජන සමාජය මේ සියලුම සැකකරුවන් හඳුනාගත යුතුය. සුදු පිරුවට සහ ටයි-කෝට් වලින් වසාගෙන සිටින ඔවුන්ගේ ශරීර වල තැවරී ඇති අහිංසක ජනතාව ගේ ලේ දැකිය යුතුය. ජනතාව ඡන්දය මගින් ඔවුන්ට වරක් ලබා දුන් බලය මිනී මරන්නට සහ අපරාධ කරුවන් ආරක්ෂා කරන්නට භාවිත කර යළිත් බලය ඉල්ලන්නට සූදානම් වන සියල්ලන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවවට උන් නීතිය හමුවට පත් කරන ලෙස මේ දුර්දාන්ත රනිල් රාජපක්ෂ රෙජීමයට බල කළ යුතුය.
අපේ රට යළිත් බලය වෙනුවෙන් කරන අපරාධ වලින් ගලවා ගත හැකි වන්නේ පාස්කු ඉරිදා අපරාධයට නීතිය ඉෂ්ට කිරීමෙන් පමණි. එතෙක් අපි නිශ්ශබ්ද නොවෙමු.
-රසල් හේවාවසම්
පාස්කු ප්‍රහාර රහස් හෙළිකරමින් වසර 5 ක් පුරා රසල් ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/74