පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී  කෝටි 8 කට ශ්‍රීලනිපය විජේදාසට විකුණයි..?

පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්‍රීලනිපය විජේදාසට විකුණයි..?

මෛත්‍රීපාල සිරිසේන විසින් විජේදාස රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා දමා ඇති බවට සැක මතුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?”

මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කොට හෝ නොමැති බව පෙන්වා දෙන දුමින්ද දිසානායක තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදිනෙක පරම්පරා ගණනක් තිස්සේ ආරක්ෂා කළ පුද්ගලයන් බව ද පෙන්වා දෙයි.

“නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අද පාස්කු ප්‍රහාරයට අවු. 5 යි. වින්දිතයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයට මිලියන 100 ක් ගෙවන්න තියෙනවා, මිලියන 15 යි ගෙවලා තියෙන්නෙ. තව මිලියන 85 ක් ගෙවන්න තියෙනවා. හෙට කිව්වොත් කවුරුහරි මිලියන 85 ක් ගෙවන්නම් කියලා.. ඒ මිනිහටත් මේ පක්ෂෙ දෙයි නෙ. එහෙම පක්ෂෙ දන්දෙන්න පුළුවන් ද?”

දුමින්ද දිසානායකගේ මුවින් පිටවූ එම වචන බොහෝදුරට සැබෑවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තෙක් වන මෛත්‍රීපාල සිරිසේන කෝටි 8 ක වන්දි ගෙවීමට තිබේ. රටේ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීම ප්‍රකාරව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පවතින නඩු කටයුතු සඳහා මැදිහත් වීම සඳහා ද, ගෙවීමට ඇති කෝටි 8 වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විජේදාස රාජපක්ෂ වෙත ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙන බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එමෙන්ම, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රීපල අතින් ගිලිහී යමින්; චන්ද්‍රිකා, නිමල්, ලසන්ත, දුමින්ද ඇතුළු පක්ෂ ප්‍රබලයන් එහි බලය අත්පත් කරගනිමින් ද සිටියි. විජේදාස සභාපති ධුරයට පත් කිරීම තමන්ගෙන් ගිලිහී යන ශ්‍රීලනිප බලය චන්ද්‍රිකාලා වෙත යා නොදීමටත්, තමන්ගේ ප්‍රශ්න ටික විසඳා ගැනීමටත් හැකි එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බාගත හැකි වැඩක් බව මෛත්‍රී දනී.

කලක් මෛත්‍රීපාල සිරිසේන විසින් මහලේකම් ධුරයට ද පත් කරන ලද දුමින්ද දිසානායකගේ මුවින් ඒ වචන පිටවන්නේ ඒ අනුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *