පාස්කු ප්‍රහාර ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ!

පාස්කු ප්‍රහාර ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ!

ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත.

එන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත එම සංසදයේ ප්‍රධානියා නිලධාරියා පත්කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේදී පැවති එම පක්ෂයේ ජන හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නැති බවද පැවසූ ඔහු පරීක්‍ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සොයා බැලිය යුතුව ඇතැයිද සඳහන් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් තම පක්ෂය සමඟ කටයුතු කරන බවත් එහි විමර්ශන ප්‍රධානියකු මෙසේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු බවත් කරනු ඇති බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *