පුටුව අද නොවේ හෙට !!

පුටුව අද නොවේ හෙට !!

ශ්‍රිලනිපය සමග චන්ද්‍රිකාලා එකතු වී මොකක්දෝ දේශපාලන ගේමක් ගහන්න ලෑස්ති වන බවට කසු කුසුවක් දැන් මාස කිහිපයකට පෙර සිට ලංකාවේ දේශපාලන සමාජය තුළ මතු වෙමින් නැවත යට යමින් තිබෙන්නේ ය.

මුලින් කිව්වේ කාටත් පුරුදු ලකුණකින් අලුත් සන්ධානයක් බිහිවෙන බවකි.

බුලත් කොළය නැවත කරලියට එන්නේ ඒ හා හෝවත් සමග ය.  නමුත් බුලත් කොළය ලකුණ දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය වෙනුවෙන් කඹ ඇදිල්ලක් මෙන්ම නීතිමය ගැටලුවක් ද මතුව තිබුණේ ය.  ඒ තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර අතර ය.

තිලංගගේ එක කකුලක් සජබය දෙසට යොමුව ඇති නිසා ඔහු මේ පළහිලව්ව නිරාකරණය වීමට නොදෙන තත්ත්වයක් මත පරණ පුරුදු බුලත් කොළය අතහරින්නට මේ සන්ධාන ඇත්තන්ට සිදු විය.

නමුත් මොකක්දෝ එකකට මේ අය ගාව ලංකාවේ මහජනයාට හුරු පුරුදු තවත් ලකුණක් සහිත සන්ධානයක් ඇත. ඒ පුටුව ලකුණ දරන පොදු පෙරමුණු සන්ධානයයි.

එහි වත්මන් මහ ලේකම් වන්නේ ලසන්ත අලගියවන්නයි.

එන සතියේ මේ සන්ධානය එනවා, තව දවස් දහයකින් එනවා වගේ කථා පැතිරෙන අතර ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල සිරිසේන විදෙස් සංචාරයකට යොමු වූයේ සන්ධාන කතාබහක්දෝ යන කුකුසක් දේශපාලන සමාජයට එකතු කරවමිනි.

ඒත් වැලන්ටයින් දවසේ චම්පික රණවක මේ සන්ධානය ගැන නම කියැවෙන ඔක්කොම පිරිස් එක තැනකට එකතු කරන වැඩක් කෙරුවේ මනුෂ්‍යයත්වයේ සන්ධානයක් සඳහා වැඩපිළිවෙළක් ද, සමග තමන් සියලුම දෙනාට ආරාධනය කරන බව ද පවසමිනි.

ඊට පසුව, ලන්සා පිල විශාල ජන පිරිසක සහභාගීත්වය සහිතව රැලියක් සිදු කල අතර, එහිදී ද ළඟදීම හැදෙන සන්ධානයක් ගැන ඉඟි පලවිණ.

දැන් නැවතත් පුටුව සන්ධානය කරලියට පැමිණ ඇත. ඒ මාර්තු පළවෙනිදා පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමත් සමඟය. මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ස්ථීරවම ඉදිරි දින කිහිපය තුල පුටුව ලකුණින් සන්ධානයක් බිහිවන බව මාධ්‍යයට දන්වා සිටි අතර, ශ්‍රිලනිපයේ වුනත් ආණ්ඩුවේ ඇමතිධූර දරන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්නදුමින්ද දිසානායක වැන්නවුන් එම අවස්ථාවට එක්වෙමින් සන්ධානය බිහිවෙන බව සනාථ කලේ තමන් දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ඔහුට සහය දැක්වුව ද, ඉදිරි  ජනාධිපතිවරණය තුල තමන්ගේ භූමිකාව ඒ තුලින් ප්‍රකාශ නොවන බව ද මාධ්‍යයට පවසමිනි.

ඒ අනුව ශ්‍රිලනිපය හරහා පුටුව ලකුණින් සන්ධානය බිහිවෙන එක ඉදිරි සතිය තුල අපේක්ෂා කල හැකි වුවත් කාරණය වන්නේ චම්පික රණවකලා , ලන්සලා,  අනුර ප්‍රියදර්ශන යාපලා ද ඊට එකතු වනවාද නැද්ද යන්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *