බංගලාදේශය ගිනි ගනියි, ඉන්දියාව කළබල වෙයි..!

බංගලාදේශය ගිනි ගනියි, ඉන්දියාව කළබල වෙයි..!

ඉන්දියානු උප මහාද්වීපයේ දිදුලන තාරකාවක් බඳු වූ බංග්ලාදේශය අද වන විට 1971 යුද්ධයේ නිදහස් සටන්කාමීන්ගේ පවුල් සඳහා රජයේ රැකියා වල ‘කෝටා’ ලබා දීමට එරෙහිව විරෝධතා දක්වන කලකිරුණු සිසුන්ගෙන් පිරී තිබේ. The Print යූටියුබ් නාලිකාවේ Cut The Clutter වැඩසටහනෙහි 1485 කථාංගයේ ප්‍රධාන කර්තෘ ශේඛර් ගුප්තා 1970 ගණන්වල සිට අද දක්වා බංගලාදේශයේ සිදුවීම් ඔස්සේ වත්මන් මතභේදයට යටින් පවතින හේතු විශ්ලේෂණය කර තිබේ. ඉන් වඩාත් අවධානය යොමු කොට ඇත්තේ බංග්ලාදේශයේ මේ ගිනියම් තත්ත්වය ඉන්දියාවට කෙසේ බලපාන්නේ ද යන්න ය. ඔහුගේ එම වීඩියෝව මගින් කියැවෙන කරුණු සම්බන්ධ සිංහල සාරාංශයකි මේ.

“බංගලිදේශය යනු අද අපගේ අවධානයට ලක්වන කැළඹිලි සහිත ප්‍රශ්නයයි. මට ආරම්භයේදීම කිව හැකි එක් දෙයක් නම්, ඉන්දියාවේ අපි කම්මැලි (boring) ප්‍රදේශයක ජීවත් වන බවට මැසිවිලි නැගිය නොහැකි බවයි. පකිස්ථානයට තමන්ගේම කරදර ඇති මොහොතක පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය දැන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය නීත්‍යානුකූල කර තිබේ. එය තහනම් කර තබා ගැනීමට සංස්ථාපිතයට සහ පාලක සභාගයට අවශ්‍ය වූ පාකිස්තාන අධිකරණය ද ඉම්රාන් ඛාන්ව ඔහු කලින් මුහුණ දුන් සියලු චෝදනාවලින් නිදහස් කර ඇත. සංස්ථාපිතය සහ ආණ්ඩුව නැවතත් ඔහුට එරෙහිව අලුත් චෝදනා ගොනු කර ඇති නිසා පකිස්තානයේ අස්ථාවර භාවයක් පවතිනවා මෙන්ම එම අස්ථාවරත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී. පකිස්ථානයේ ආර්ථිකය තව තවත් අර්බුදයට යමින් පවතී. මේ අතර නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්ව අවුරුදු 16ක් වෙද්දී 14 වෙනි අගමැති ද නේපාලයට පත්ව ඇත. සමහර පුද්ගලයන් කිහිප වතාවක්ම අගමැති ධූරය දරා ඇත. නේපාලයේ ද දේශපාලන අස්ථාවරත්වය දිගින් දිගටම පවතී. එබැවින් බටහිරින් පාකිස්ථානය එක් ආකාරයකටද උතුරින් නේපාලයද, ඉන්දියාවේ නැගෙනහිරින් බංග්ලාදේශය ද වේ.

බංග්ලාදේශය සාමාන්‍යයෙන් ස්ථාවර රාජ්‍යයකි. එය අසල්වැසි රාජ්‍යයන් අතරින් ඉන්දියාවට මිත්‍රශීලීම රට ද වේ. නියත වශයෙන්ම මෙම බංග්ලාදේශ රජය 1970 දශකයේ මුල් භාගයේ සිට ඉන්දියාවට තිබූ මිත්‍රශීලීම රජයයි. ෂෙයික් මුජිබර් රහ්මාන් ඝාතනය වූ දා සිට ඉන්දියාව සමඟ තිබූ සබඳතාව ගොඩනඟා ගත්තේ ඔහුගේ දියණිය වන වත්මන් අගමැතිනි ෂීක් හසීනාය. ඇය මෑතකදී ඉන්දියාවට පැමිණයා ය. ඇය පසුගිය දිනක චීනයේ ද ගොස් සිටි අතර ඇය සිය චීන සංචාරය කෙටි කර ගත් බව අපි දනිමු. පෙනෙන විදිහට ඒ ඇය කෝපයට පත් වූ නිසාවෙනි. ඇයට චීනයේ දී වැටහුණේ තමාට ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන බව හෝ චීන ජාතිකයන් ඇයට දුන් පොරොන්දු ඉටු නොකරන බවයි. ඒ හේතුවෙන් ඇය මුලින්ම ඇගේ සංචාරය කෙටි කළාය. ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවට ෂී ජින්පින්ග් වෙනුවට චීන අග්‍රාමාත්‍යවරයා එවීමට චීනය තීරණය කළේය. ඉන් කෝපයට පත් ඇය බංගලාදේශයට පැමිණි පසු කියා සිටියේ ජල ව්‍යාපෘතිය චීනය සමඟ නොව ඉන්දියාව සමඟ කිරීමට තීරණය කළ බවයි. මේ ජල ව්‍යාපෘතිය නිසා ඉන්දියාවට ඉතා වටිනා මිත්‍රයෙක් හිමිව ඇත. ඉන්දියාවට බංග්ලාදේශය සමඟ මෙම සබඳතාව පෝෂණය කිරීම ඉතා වැදගත් බව මම අතීතයේ දී කීවෙමි, මන්ද ඉන්දියාවට බටහිරින් උර්දු කතා කරන, උර්දු වලටත් වඩා පන්ජාබ් කතා කරන පාකිස්ථානය ඇති අතර නැගෙනහිරින් බංගලි කතා කරන පකිස්ථානයක් අපට කිසිසේත්ම අවශ්‍ය නැත. දැන් අවුරුදු 15ක් තිස්සෙම බංගලිදේශය තවත් පාකිස්තානයක් නොවුයේ ෂීක් හසීනා නිසාවෙනි. එය තවත් පාකිතානයක් කර ගැනීමට අපට කිසිසේත්ම උවමනාවක් ද නැත.එබැවින් ෂීක් හසීනා ගේ ආණ්ඩුව දෙදරුම්කෑම ගැන ඉන්දියාව මේ මොහොතේ අවධානය යොමු කිරීම අතිශය වැදගත් වන්නේ ය.”

බංගලාදේශයට මේ වනවිට ඇමරිකාවේ ද අවධානය යොමු වී අතර ඇමරිකාව සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන තෙක් ඔවුන් ඉතාමත් අවධානයෙන් බංගලාදේශය දෙස බලා සිටින බවයි.

සම්පූර්ණ වීඩියෝව පහත සබැඳියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *