බබා ඒ දණ්ඩ උඩ තියාගෙන මාස 19 ක් 18 වතාවක් එතෙර ගිය රනිල්..
මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර, සමාජ සුබසාධනය වෙනුවෙන් දරන වියදම තුන් ගුණයකින් වැඩි කර ඇති බව ය.
කෙසේනමුත් අප තවම ඉන්නේ ඒදණ්ඩ උඩ බව ද, ඉන් වැටෙනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇති කරගෙන තිබෙන එකඟතා කඩ කළහොත්, ණය ලබා දුන් රටවලට නැවත එම මුදල් ආපසු ලබා දීමට සිදුවන බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
රටේ ආර්ථිකය නැමති බබා එගොඩ කරන්නට ආ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ම කියන ලෙස තවම බබා ඒදණ්ඩ උඩ ය. ඔහුට ද ඒ බබා එගොඩ කිරීමට ගෙවුන මාස 19 ය තුළ හැකියාවක් ලැබී නැත. නමුත් ඒ මාස 19 ය තුළ ඔහු නම් 18 වතාවක් එතෙර මෙතෙර ගියේය. පලස්තීනෙට ඩොලර් මිලියනයක් ලබා දී 2026 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් කැම්පේන් එක ද පටන් ගත්තේය.