බළල්ලු ලවා කොස් ඇට බෑමෙන් හබන් කුකුලන්ට රජ මඟුල් !

බළල්ලු ලවා කොස් ඇට බෑමෙන් හබන් කුකුලන්ට රජ මඟුල් !

සරත් ෆොන්සේකා,  පාර්ලිමේන්තුවේදී දක්වපු දැඩි විවේචන අලූත්ම දේශපාලන කතාබහක් ඇති කරලා තියෙනවා. මෙම විවේචනය තනිකරම සජිත් ප්‍රේමදාසට එරෙහිව කරන ලද්දක්, සරත් ෆොන්සේකා සජබ සභාපති ලෙස සිටියදීම  පක්ෂය හැරයාමේ නිවේදනයක් ලෙස එය ගත හැකියි.

පාර්ලිමේන්තු කථාව

සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කථාවේ දී, ඔහු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට දැඩි විවේචන එල්ල කළා. ඔහුට අනුව සජිත් ප්‍රේමදාස බඩු බෙදන්නෙක්,  ඒ බඩු ගන්නේ කැසිනෝ සල්ලි වලින්. මේ ඔහු නොකියා කියන්නේ ලක්ෂමන් ෆොන්සේකා සහ රවී විජේරත්න ගැන.

පක්ෂයේ අභ්‍යන්තර අවුල

මේ කථාව සමග, සජබ අභ්‍යන්තර ගැටුම් සහ විකෘතිය පිළිබඳව ජනතාව අතර අලුත් කථා බහක් ඇති වෙන එක වළක්වන්න බෑ. විශේෂයෙන්ම ෆොන්සේකා මතු කළ පාර්ලිමේන්තු විපක්ෂ කථා කාලයන් බෙදීම සම්බන්ධ කාරණය මීට කළින් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන චම්පික රණවකත් පෙන්වා දීලා තිබුනා. මේ දෙන්නාම කිව්වේ පාර්ලිමේන්තුව one man Shaw එකක් වෙනවා මේ වැඩෙන් කියලා. අනිත් විපක්ෂ මන්ත්‍රීවරුන් මේ ගැන එළිපිය කථා නොකළට ඇත්ත තත්ත්වයත් ඒක තමයි.

ෆොන්සේකාගේ අනාගත ක්‍රියාමාර්ග

සරත් ෆොන්සේකාගේ මෙම කථාව ඔහුගේ පක්ෂය හැරයාමේ ප්‍රථම පියවරක් විය හැකිය. මේක ආයේ සජබ තුළ ඉන්න බලාගෙන කරපු කථාවක් නෙමෙයි. නියත වශයෙන්ම ෆොන්සේකා එළියට යනවා. ගැටලුවක් ලෙස ඉතිරි වෙන්නේ කවදද ? කා ළඟට ද?? තනියමද??? කියන ඒවා විතරයි.
කා ළඟට ද? කියන එකට යම් ඉඟියක් ෆොන්සේකාගේ කථාව තුලම තියෙනවා. එයා කියනවා එයාට කථා කරන්න කාලය ලැබුනේ රාජ්‍ය අනුග්‍රහයෙන් කියලා. ඒ කියන්නේ එයාගේ නැවතුම රනිල් වටා හැදෙන කඳවුර. කාත් එක්කද කියන එකටත් ඉඟි බිඟි නැත්තේ නෑ. මොකද රාජිත දැනටමත් සජිත්ට එරෙහිව කථා කරලා ඉවරයි. එතන කබීර් , කවින්ද, මාන්නප්පෙරුම, තලතා…. වගේ තව හිටියොත් පුදුම වෙන්න නරකයි.

නව අරාජික බවක්

එකී කථාව නිසා සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පක්ෂය තුළ තව වටයකින් අභියෝගයට ලක්වීම වලක්වන්න බෑ. ඊළඟ ලොකුම අවුල හැදෙන්නේ ජනතා විශ්වාසය තුළ. පක්ෂය එකතු පහදු කර ගන්න බැරි නායකයා ඡන්දය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන ගැටලුව පක්ෂ සාමාජිකත්වයට මෙහිදී මතුවීම සජිත්ගේ තාත්තා ඇවිල්ලවත් නවත්වන්න බැරි කාරණයක්.

හබං කුකුලන්ට රජ මඟුල්

සජිත්ට,  ෆොන්සේකා යොදාගෙන පහරදීම පිටිපස්සේ ඉන්නේ රනිල් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත්  ඒකෙන් රනිල් හිතනවා නම් තමන්ට සෙතක් වෙන බව ඒකත් වෙන දෙයක් නෑ රනිල්ට සජිත් දුර්වල වෙලා ජනාධිපතිවරණයේදී පරදින එක හැර.

මොකද ඔය කරන කිසි දෙයකින් රනිල්ට අමුතුවෙන් ඡන්ද එකතු වෙන්නේ නෑ. සජිත් වැටෙන එකේ එකම වාසිය යන්නේ අනුර ට විතරයි. ඒක එහෙම නොවෙන plan එකක් සමහර විට රනිල් ගාව ඇති. හැබැයි ඒක රනිල් ජනාධිපතිවරණයට එන එක නම් වෙන්න විදියක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *