බැසිල්ගේ පාර්ලිමේන්තු විසිරවීමේ වුවමනාවට පොහොට්ටුව ඇතුලෙන්ම බාල්දියක්!
බැසිල් රාජපක්ෂ තමන්ගේ බල උවමනාව වෙනුවෙන් පාර්ලිමේන්තුව විසිරවීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වේ.
ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ ප්‍රධාන විපක්ෂය වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ සහාය ද ලබා ගන්නා බවට බැසිල් රාජපක්ෂ පවසා තිබිණ.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ක්ෂණික මහ මැතිවරණයකට ගොස් ආසන 30 ක් වැනි ප්‍රමාණයක් තමන්ට ලබා ගත හැකි බවට බැසිල් රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටුව කල්පනා කරයි. එවන් ප්‍රතිඵලයක් යටතේ බැසිල් රාජපක්ෂ අගමැති ධුරය ලබා ගත හැකි සභාග ආණ්ඩුවක් ගොඩ නැගීම රාජපක්ෂලාගේ කූට අභිප්‍රාය වී තිබේ.
මේ අතර පොහොට්ටුවේ මන්ත්‍රී තාරක බාලසූරිය මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබෙනෙනෙ බැසිල් රාජපක්ෂ එසේ කීව ද ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රීවරුන් ලෙස ජනාධිපතිවරණයක් තැබීම ඔවුන්ට වාසිදායක බව ය.
“සුළු ජාතීන්ගේ ඡන්ද බහුතරයක් මම දකින්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණට වැටෙනවා. එක්කෝ සමගි ජන බලවේගයට කොටසක් යනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොටසක් යනවා. ඉදිරියේ තියෙන මැතිවරණයේදී ඒ ජනාධිපති මැතිවරණයක් තිබුනොත් පමණයි අපිට ඒ සියලුම කණ්ඩායම් අපිට එක අපේක්ෂකයෙක් සහයෝගය දෙනවාද නැද්ද කියන ඒ පදනමට එන්න පුළුවන් වන්නේ.”
කෙසේවෙතත්, තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ මතයට ද එරෙහි වන්නට තරම් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණය පැවැත්වීමට පක්ෂව කරුණු දක්වන්නේ, බැසිල් කියනා ලෙස හිටිහැටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මුල් වරට පාර්ලිමේන්තු පැමිණි පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීමේ අවදානමක් පවතින නිසා බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.