බැසිල් රනිල් විරසකය දුරදිග යයි? රේණුක ඉල්ලා අස්වෙයි.

බැසිල් රනිල් විරසකය දුරදිග යයි? රේණුක ඉල්ලා අස්වෙයි.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ.

තමන්ට මෙම තනතු‍රේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බැවින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

රේණුක පෙරේරා, රාජපක්ෂලාගේ සමීපතම සගයෙක් බවට පත්වන්නේ තම දේශපාලන ගුරුවරයා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සඳහා දුමින්ද සිල්වා කටයුතු කිරීමෙන් පසුවය. රේණුක ඉන්පසු රාජපක්ෂ පවුලට ද සමීප ඥාතීත්වයක් ඇති කරගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *