මන්ත්‍රීකම නැති වූ නසීර් අහමඩ් ට ආණ්ඩුකාර ධුරයක්?

මන්ත්‍රීකම නැති වූ නසීර් අහමඩ් ට ආණ්ඩුකාර ධුරයක්?

හිටපු හමුදා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන රොෂාන් ගුණතිලක වෙත තානාපති ධුරයක් ලබා දීමට අවධානය යොමුව තිබෙන බව කියැවේ.

බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා දැනට ඌව පළාතේ ආණ්ඩුකාර ඒ, ජේ එම් මුසම්මිල් පත්කිරීමට සූදානමක් තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීමට යෝජනා වී ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ නසීර් අහමඩ් පත් කෙරෙනු ඇති බව ද වාර්තා වෙයි.

එළඹෙන වසරේ මුලදී මෙම පත්කිරීම් සිදුකිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *