මන්ත්‍රීවරු බහුතරයක් කැමති මුලින්ම ජනාධිපතිවරණයක් එනවටයි

මන්ත්‍රීවරු බහුතරයක් කැමති මුලින්ම ජනාධිපතිවරණයක් එනවටයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මුලින් ම ජනාධිපතිවරණයක් පවත්වනවාට කැමති බව සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. මන්ත්‍රීවරුන් කැමති තමන් ලද ජනවරම අවු. 5 සම්පූර්ණ කිරීමට ය.

විශාල පිරිසක් ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණා ණය බේරීමට කටයුතු කරයි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් ඒ සියල්ල අහිමි වෙයි. එමෙන්ම විශාල පිරිසකට ඡන්දයකට යෑම සඳහා මූල්‍ය ශක්තියක් ද නොමැත. පක්ෂවලින් ලබා දෙන මුදල් ද ප්‍රමාණවත් නොවේ.

පක්ෂ නායකයින් කුමක් කීවද මන්ත්‍රීවරුන් බහුතරයක් මුලින් ම ජනාධිපතිවරණයක් පවත්වනවාට කැමති බව ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *