මන්ත්‍රී වැටුප සොච්චමයි..! හොඳ වැටුපක් නොදුන්නොත් හොරකම් කරනවා තමයි. හොරුන්ට ඡන්දෙ දෙන්නෙ ජනතාවමනෙ

මන්ත්‍රී වැටුප සොච්චමයි..! හොඳ වැටුපක් නොදුන්නොත් හොරකම් කරනවා තමයි. හොරුන්ට ඡන්දෙ දෙන්නෙ ජනතාවමනෙ

මන්ත්‍රීවරුන් වෙත දෙන්නේ ලංකාවේ තිබෙන අඩුම වැටුපක් බවත් මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් වැටුපක් ලබා නොදුනහොත් ඔවුන් සොරකම් කිරීමට පෙළඹෙන බවත් හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන්නේ රුපියල් 54,000ක සොච්චම් මුදලක් බවත් දේශපාලන හයියෙන් ව්‍යාපාර සිදුකරගෙන යන අයට එම වැටුප ප්‍රමාණවත් වුවත් පූර්ණකාලීන දේශපාලනය සිදු කරන අයට එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසයි. එසේ නොවුනහොත් එම මන්ත්‍රීවරු දූෂණයට පෙළඹෙන බවත් එසේ වුවහොත් එම පෙරේත කමෙන් එම ඇබ්බැහිවීමෙන් මන්ත්‍රීවරු මුදවා ගැනීම දුෂ්කර බවත් ඔහු සඳහන් කරයි.

හොරකම් කරන අයට ඡන්දය ලබා දී හොරකම් කරනවා යැයි පැවසීම ජනතාව සිදු කරන වැරැද්දක් යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *