මමයි පැමිණිලිකරු – කෙහෙලිය. අත්අඩංගුවට ගන්න සාක්කි තියෙන්න ඕනෙ – ටිරාන්

මමයි පැමිණිලිකරු – කෙහෙලිය. අත්අඩංගුවට ගන්න සාක්කි තියෙන්න ඕනෙ – ටිරාන්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් එනිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

කෙසේ වෙතත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කලේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

‘පැමිණිලිකරු මමයි. පැමිණිල්ල සම්බන්ධයෙන් කටඋත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. පැමිණිල්ලක් කියන්නේ ප්‍රකාශයක්. පැමිණිලිවල සියලුම විස්තර ඇතුළත්.කවදා හරි පැමිණිල්ලට අදාළව වැඩි විස්තර ලබාගන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් තියෙනවා’

කෙහෙලිය රඹුක්වැල්ල

මේ අතර,

ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නේදැයි මාධ්‍යවේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි” තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්‍ෂි ලැබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ”

ටිරාන් අලස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *