මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත යැයි ලාංකේය ජහමනයා පමණක් නොව, ඉන්දීය මධ්‍යම රජය පවා දැන් විශ්වාස කරන අනුර කුමාර දිසානායක මෙවැනි මානසික මට්ටමක්  (PERVERT) ඇති අයෙකු ද යන්න ඒ පිළිබඳ ප්‍රාමාණිකයන් විසින් විමසා බලා රටේ ජනතාවට කරුණු වටහා දිය යුතුය.

මන්ද යත් රටේ රාජ්‍ය නායකයාගේ යහපත් මානසික මට්ටම ඒ රට කරවීමට අත්‍යන්ත ලෙස ම වැදගත් හෙයිනි.  පිස්සෙක් රජ වුනත් එකයි රජා පිස්සෙක් වුනත් එකයි කියා කථාවක් තිබෙන්නේ එහෙයිනි.

මීට වසර හයකට පමණ පෙර තම BLOG අඩවියට ලිපියක් ලියන වෛද්‍ය රුවන් M ජයතුංග මෙලෙස දක්වා ඇත.

දේශපාලන නායකයන් ගේ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලටත් එසේම රටක අනාගතයටත් බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති.  A First-Rate Madness: Uncovering the Links Between Leadership and Mental Illness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජ්‍යයක් අසාර්ථක වන විට, මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘද්ධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි. 
දේශපාලන ඉතිහාසය හොඳින් විශ්ලේෂණය කරන වෛද්‍ය  Nassir Ghaemi චර්චිල් , හිට්ලර්, ස්ටාලින් යන නායකන් තුල තිබූ මනෝ භාවයන් මෙන්ම  මානසික අක්‍රමතාවයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලදී ඉතා ස්ථිර ලෙස බලපෑ අයුරු තර්කාන්විතව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස චර්චිල් විශාදයෙන් පෙළුනේය​. මේ නිසා නෙවිල් චේම්බලේන් මෙන් නොව හිට්ලර් ගේ අනාගත අභිප්‍රායන් පිලිබඳව යම් අවලෝකනයක් චර්චිල් තිල තිබූ බව වෛද්‍ය Nassir Ghaemi පවසයි. මෙම තත්ත්වය වෛද්‍ය Nassir Ghaemi හඳුන්වන්නේ Depressive Realism යන නමිනි. තවද හිට්ලර් තුල තිබූ ඇම්ෆිටමීන් කෙරෙහි ඇබ්බැහි වීම මෙන්ම ඔහු තුල තිබූ ද්වී ද්‍රව විශාදය (Bipolar affective disorder) සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)  නිසා අවසාන කාලයේදී හිට්ලර් සිහිමඳ ආකාරයෙන් යුද්ධය පිළිබඳ තීරණ ගත් අයුරු වෛද්‍ය Nassir Ghaemi පෙන්වා දෙයි. 

වෛද්‍ය රුවන් M ජයතුංග

වැඩි දුරටත් කරුණු දක්වන වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ ….
“ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බලපෑම් ඇති කරන ලද පුද්ගලයන් ගේ මනෝභාවයන් පිලිබඳව ශ්‍රී ලංකික මනෝ විද්වතුන් විග්‍රහ කොට නැත​. මේ සඳහා ඔවුන් තුල සාධාරණ බියක් පවතිනවා වන්නට පුලුවන​. එහෙත් වෘත්තීයවේදීන් ලෙස  තමන් ගේ දැණුම සහ අත්දැකීම් යොදාගෙන ජනතාවට ප්‍රතිවේධනයක් ලබා දීම ඔවුන් ගේ යුතුකමක් වෙයි.…….” යනුවෙනි.

අදාල සම්පූර්ණ ලිපියට link එක

https://transyl2014.blogspot.com/2018/02/blog-post_19.html?fbclid=IwAR2EbiRuj-lBSlIiRF5g6KqXDk8CvU-8t_JRIDdCHXL1Gpt2G6YIHUCDqJM&m=1

ජවිපෙ නායකයාගේ වචනවලින්ම පෙන්වා දෙන පරිදි ඔහු ඇඳුම් අඳින්නේ ප්‍රාථමික විලි වසා ගැනීමේ හෝ fashion එකක් ලෙස හෝ යන කාරණාවට එහා ට ගොසින්  “අනෙකාගේ දෑසට ලක්වීමට ය”. ඒ වෙනුවෙන් ඔහු BRANDED ඇඳුම් භාවිතා කරන බව කියයි. 
(මෙහි විරුද්ධභාෂය වන්නේ ඔහුගේ පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් වන කොලඹ මහ නගර සභාවට තරඟ කිරීමට සිටි ව්රායි බල්තසාර් තමන් වසර ගනනකින් ඇඳුමක් මිලට ගෙන නැතැයි කියමින් facebook එකේ මහා ගාලගෝට්ටියක් ඇල්ලීමය.)

එතනින් නොනැවතී ජවිපෙ නායකයා කියන්නේ තමන්ගේ ඇඳුම් දැක තමාගේ අනෙකා කුලප්පු වනු දැකීමෙන් ඔහු සතුටට පත්වන බවයි. එනම් ඔහු නිරූපණය කරන්නේ අනෙකාගේ ආශාවයි.  අනෙකා යනු ඔහුගේ ඇඳුම දැක කුලප්පුවන කෙනා ය. එනම් ඔහු නොකියා කියන්නේ අනෙකා මා දැකීමෙන් පෙලීමකට ලක් වෙනවා, ඒක මම දන්නවා, ඒකෙන් මම වින්දනයක් ලබනවා යන ප්‍රකට මනෝවිශ්ලේෂක  ලැකාන් ගේ උපුටනය (නරුමත්වය  – CYNICISM)  නිවැරදි බවයි.

එමනිසා 2018 දී වෛද්‍ය රුවන් M ජයතුංග ලියා ඇති ලෙසම ලංකාවේ දේශපාලන පිටියේ ප්‍රධාන චරිත ගැන මනෝවිශ්ලේශී විග්‍රහයක් ලබා ගැනීම වටී, මන්ද රාජ්‍යකරණයේදී කටයුතු කරන්නේද එම පුද්ගල මනස හරහා ම නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *