මැදගොඩ අභයතිස්සට කණේ පාරක්..දාහක් භික්ෂූන් ගෙන්වන්නට සිතූ මහ සඟ සමුළුවක වරුණ !
නාමල් රාජපක්ෂ කල එලි බහින්නට දස බල සේනා නමින් project එකක් පටන් ගත්තේය. පොහොට්ටු මන්ත්‍රීවරුන් එක්කාසු කරගෙන රට වටා යන්නට රාහුල් ගාන්ධි පන්නයේ වැඩක් ලෙස සැලසුම් කළ ඒකට ඇත්තටම හිටියේ දහයකට අඩු පිරිසකි.
ඊළඟට නාමල් රාජපක්ෂ ඇල්ම බැල්ම දැම්මේ තම පියා මෙන්ම භික්ෂුන්වහන්සේලා වෙතය. Project එක භාර දුන්නේ රාජපක්ෂ නිකායික මැදගොඩ අභයතිස්ස හිමිට ය. උන්වහන්සේ රාජපක්ෂ මුදල් ද යහමින් පාවිච්චි කරමින් පසුගිය දිනවල නාමල්ව රට තුල ඉහලට ගෙන ඒමට මහා සඟ සමුළුවකට භික්ෂු සංඝයා එකතු කරන්නට කටයුතු සූදානම් කළේය.
සඟ සමුළුව පවත්වන්නට යෙදී තිබුනේ පසුගිය 14 වෙනිදා ය. ඉලක්කය වී තිබුනේ භික්ෂු සංඝයා දාහක් නමකි. තැන ලෙස තෝරාගෙන තිබුනේ නගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයයි. අදාළ ශාලාව බෞද්ධ භික්ෂූන්ගෙන් කොපමණ පිරී තිබුණේ ද, අභයතිස්ස – නාමල් project එක කොච්චර සාර්ථක වුනා ද යන්න අනන් මනන් අවශ්‍ය නැත. මෙහි එල්වා ඇති ඡයාරූපය පමණක් ඊට ප්‍රමාණවත් ය.
ශාලා පිරෙන්නට සෙනඟ ආ මහින්දගේ සමුළුවට බලු බල්ලෙක් නැත. ඒ මදිවාට දැන් මහින්දලාට සංඝයා ද නැත. සෙනඟ ද සංඝයා ද නැති බව ආරංචි වූ මල්වතු අනුනායක හිමියන් ද ආපසු හැරී ගොස් තිබේ.