මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්න – කාන්තාවන්ගෙන් ඉල්ලීමක්!

මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්න – කාන්තාවන්ගෙන් ඉල්ලීමක්!

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කාන්තා සංවිධාන උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියි.

ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනි ලොරීන් දන්දෙණිය සඳහන් කළේ රහුමාන් විසින් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු ලිපි ලේඛන අවභාවිත කර ඇති බව ය.

වැඩිදුරටත් අදහස් දක්වන ලොරීන් දන්දෙණිය;

“මැද කොළඹ විනාශ කරමින් යන හොර තක්කඩියෙක් ඉන්නවා. කවුද මුජිබර් රහුමාන්. එයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා ස්වකැමැත්තෙන්ම මෙයා ඉල්ලා අස්වුණ පුද්ගලයෙකුට කොතනද පාර්ලිමේන්තුවේ නීතියක් තියෙන්නේ පාර්ලිමේන්තු ශීර්ෂ ලේඛනයි. උපුටගෙන, එයාගේ නමින් සහතික කරගෙන, ලිපි ලේඛන මේ පිටමං කරන්න. ඒ අදාළ තැන්වලට, අවශ්‍ය කරන තැන්වලට දෙන්න. මේ තියෙන්නේ ඒ ලේඛනයක්. ඇත්තටම මේ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක නොවුණොත් මේ පුද්ගලයා කොහොමද මේ රට හදන්න එන්නේ? පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා එයා ආවා නගර සභාවට. එතකොට ඇවිල්ලා ඉවරවෙලා දැන් මොකද කරන්නේ පාර්ලිමේන්තුවේ ලිපි ලේඛන අරගෙන මේ විදියට ශීර්ෂ පාඨය අවභාවිතා කරමින්, හොර මාෆියාවන් හදාගනිමින්, කොළඹ නගරයම විනාශ කිරීමේ චේතනාවක් අරගෙන, ආගම්භේද, ජාති භේද පතුරවමින්, ජනතාව කුපිත කරන ලෙස. ඒ විදිහට මේ පුද්ගලයා කටයුතු මේ පුද්ගලයව අත්අඩංගුවට අරගන්න කියලා අපි තරයේ ඉල්ලා සිටිනවා. එහෙම නොවුණොත් අපි කාන්තා සංවිධානය ඒකරාශී කරගෙන මේ පුද්ගලයා වෙනුවෙන් අපි සටනක් දියත් කරනවා.”

ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනි ලොරීන් දන්දෙණිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *