මුල මැද අග පටලා ගෝටා පෙරලූ පොත

මුල මැද අග පටලා ගෝටා පෙරලූ පොත

පළවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ලියන ලදැයි කියන පොතක් අද (07) දොරට වැඩීමට නියමිත අතර එහි මුල සහ අග දෙපැත්ත පැටලී තිබේ.

එම ප්‍රකාශනයේ පිටකවරයේ සඳහන් කර තිබෙන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය“ යනුවෙනි. නමුත් එහි පසුපිට කවරයේ සඳහන් කර තිබෙන්නේ “2022 ජූලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය“ යනුවෙනි.

මුල් කවරයේ ධුරයෙන් නෙරපා හැරි බවත් පසු කවරයේ ඉල්ලා අස්වීමට සිදු වූ බවත් ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් එකම සිද්ධිය සම්බන්ධයෙන් දක්වා තිබේ.

මුල් පිට කවරයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ගෝටාබයට රාජපක්ෂ පලවා හරින ලද සාමකාමී මහජන උද්ඝෝෂණය ජාත්‍යන්තර අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කිරීමක් ලෙස ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *