මෛත්‍රීපාල හිට් විකට් ද?

මෛත්‍රීපාල හිට් විකට් ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවය.

එසේම ලබාදෙන ප්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන බල මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේදී කල්එළිය ග්‍රෑන්ඩ් එමිරේට්ස් හෝටල් පරිශ්‍රෙය්දී විශාල ජන සහභාගීත්වයකින් ඉතා සාර්ථක ලෙස පවත්වා තිබේ.

මීරිගම ආසන සංවිධායක ආචාර්ය ශාන්ත ගීතදේවගේ සංවිධානයෙන් පැවැති මෙම ආසන බල මණ්ඩල රැස්වීමේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ විසින් සිදු කරන ලදි.

එම අවස්ථාවට ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පක්ෂයේ උප ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, මීරිගම ආසන සංවිධායක ආචාර්ය ශාන්ත ගීතදේව, ආසන සංවිධායකවරුන් සහ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *