රජයේ සේවකයින්ට තැපෑලෙන් වදියි. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබා නොදීමට තීරණය කරයි

රජයේ සේවකයින්ට තැපෑලෙන් වදියි. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබා නොදීමට තීරණය කරයි

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබුණද, එම වැටුප් වැඩි කිරීම මේ මොහොතේ ලබා නොදෙන බව කැබිනට් ප‍්‍රකාශක විජිත හේරත් මහතා පවසයි.

එහිදී ඒ මහතා පවසා සිටියේ රජයේ මූල්‍ය තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම වැටුප් වැඩිවීමේ ක‍්‍රමවේදය ඉදිරි අයවැයෙන් තීරණය කරනු ලබන බවයි.

පසුගිය රජය මගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ගෙන තිබූ කැබිනට් තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප‍්‍රකාශකවරයා;

“2025 ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමක් ගැන කැබිනට් මණ්ඩලය තීන්දු කරල තිබුණා. අප ඒ සඳහා මුදල් වෙන්කිරීමක් කළ යුතු වෙනවා. මුදල් වෙන් කරන්න අයවැය ඉදිරිපත් කරන්න වෙනවා. අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ නිසා ඉදිරි අයවැයක දී තමයි රටේ මූල්‍ය තත්වය සමාලෝචනය කරලා මෙවැනි වැටුප් වැඩිවීමකට යා හැකිද? නොහැකිද යනවග හා යා හැකිනම් ඒ කුමන මට්ටමින් ද අදියර කීයකින් ද යන්න තීන්දු කරන්න වෙන්නේ ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දියි. රටේ මූල්‍ය තත්වය සමාලෝචනය කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ක‍්‍රමවේදය ගැන තීන්දුවක් ගනු ලබන්නේ ඉදිරි අයවැයේදියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *