රට පුරා පාතාල ක්‍රියාකාරකම් සහ මර්දනය. රනිල් විසින් රකින බැංකු පොලුකාර අලස් ගැන සජිත් ලා අනුරලා මීක් නෑ
‘යුතුකම’ නමින් පාතාල, කුඩුකාරයන් මර්දනය කරන බවට දේශබන්දු තෙන්නකෝන් ප්රමුඛ පොලීසිය මහා ගාලගෝට්ටියක් කරමින් සිටියි. එහෙත් පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ.
ඊයේ මහ දවල් පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය.
ලංකාවේ පොලිස් ඇමැතිකම දරන්නේ කුප්‍රකට ඩීල්කරු ටිරාන් අලස් ය. ඔහුගේ බැංකු පොලු ගැන ද, රාඪා ගනුදෙනුව ද, දේශපාලන ගනුදෙනු ගැන ද, අප වෙන ම කියා ඇත. දිනෙන් දින පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වුවත්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කිසිම ආරෝවක් නැතිව වැඩ ය. මීට සෘජුව වගකිවයුතු ටිරාන් අලස් නිවී හැනහිල්ලේ දේශබන්දු යොදාගෙන පෞද්ගලික පළිගැනීම් කරයි. දකුණට ගොස් කරන්නට ගිය එවන් පෞද්ගලික පළිගැනීමක් නිසා පොලිස් නිලධාරියෙකුට ජීවිතය අහිමි විය. හෝටලයකට ද, එහි ව්‍යාපාරික කටයුතුවලට ද හානි සිදුව තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද, ටිරාන් අලස්ව ආරක්ෂා කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මුනිවත රකියි. හැම දේකටම කට දානා ‘වෙන්ඩ ජනපති’ මේ ගැන මීක් නැත. අප හැමදාම කී පරිදි අනුර ටිරාන් අලස්ට බය ය. එය ස්වාමි භක්තියක් ලෙස ද හැඳින්විය හැකිය. අනුරලා අලස්ලා කාලයක් එකම පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටියේය. ටිරාන් අලස් සහ ජවිපෙ අතර ඩීල් එකක් පවතින බව හැමතැනම කියවේ. අනුරවත් අලස්වත් ඒක කිසි තැනක ප්‍රතික්ෂේප කරන්නේ නැත. මේ ළඟදි ඔය ගැන කතා වෙද්දී අනුර කීවේ ‘අපිට ඕන අයටයි අපි ගහන්නේ’ යනුවෙනි. ටිරාන්ගේ මව්බිමේ පිටු ගණන් අනුරට වෙන් වී තිබේ.
පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වුවත්, ටිරාන් කොතරම් වංචාකරුවකු වුවත්, කෙතරම් රාජ්‍ය දේපළ කොල්ලකෑවත්, අනුරලාට වගක්වත් නැත්තේ ඒ නිසා ය.