රට බංකොලොත්. රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බෑ.. මාලිමා කම්කරු නායක ලාල් කාන්ත කියයි
මේ වන විට ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන අරගල පිළිගත නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරයි.
උද්ඝෝෂණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා රෝගී සත්කාර කටයුතුවලට බාධා එල්ලවීම පිළිගත නොහැකි බව ඔහුගේ අදහස වී තිබේ.
ඊයේ (08) දින මහනුවර පැවති විශ්‍රාමික බැංකු සේවක සමුළුවට එක්වෙමින් ලාල් කාන්ත මේ බව පවසා සිටි අතර, එහිදී බංකොලොත් වී ඇති රටකින් රාජ්‍ය සේවක ඉල්ලීම් ලබාදීමට නොහැකි බව අරගලකරුවන් තේරුම් ගතයුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එමෙන්ම මේ මොහොතේ වෘත්තීය සමිති අරගල, ජනාධිපතිවරණ හා මහමැතිවරණ සටන් භූමියට නොපැමිණිය යුතු බවත් සියලු දෙනා එකතු වී මැතිවරණ සටන් භූමියට පැමිණිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.