රට වෙනස් කිරීමට මාලිමාවට එක් වන නල්ලමලේ බඩු!

රට වෙනස් කිරීමට මාලිමාවට එක් වන නල්ලමලේ බඩු!

තමන්ගේ දුරකථන නොම්මරය පවා වෙනස් කළේ පොහොට්ටුව විවිධ වැඩසටහන් වලට සහභාගීවීමට කතා කරන නිසා බව ඔහු පවසන අතර අපිට නම් ආරංචි වුනේ වෙනත් දෙයකි.

ඒ වගේම ඔහු තමන්ගේ පෞද්ගලික ධනය විය පැහැදම් කරගෙන ගෝඨාභය ජනපති කරන්න කටයුතු කළ බව ද ගයාන් වික්‍රමතිලක පවසන අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චාලක රණසූරිය විසින් රචිත ටෙලි නාට්‍යයට අදාළ ගෙවීම් සිදු නොකොට පැහැර හැර රචකයාව පොලිසි ගානේ රස්තියාදු කළ ආකාරය ගැන ඔහු වචනයක්වත් කියන්නෙ නැති වීම ද පුදුම සහගතය.

ගයාන් දැනට රට වෙනස් කිරීමට මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය දිනවන්නට කටයුතු කරන්නේ දේශපාලනයෙන් බැට කා තියෙන නිසා බවත් ඔහු ම පවසනවා. ඒත් චාලක රණසූරියට මුදල් නොගෙවා වංචාකාර රැවටිලිකාරයෙකු ලෙසින් නම් දරා සිටින ගායන් නැමති හොර තක්කඩියා මාලිමාවෙන් වෙනසක් කරන්නේ ද සාක්ෂියට එකඟව ද කියන එක ගැන සිතා බැලිය යුතු ය.

පෞද්ගලික ජීවිතයේ දි පළමු කාන්තාව සහ දරුවා අනාථ කොට දෙවැනි විවාහයක් මුදල් සහ තමන්ට වඩා ජනප්‍රිය පරම්පරාවක් නිසා විවාහයක් ආරම්භ කොට ඇති මෙවැනි පුද්ගලයින් ඒකරාශී කරගෙන මාලිමාව රටේ මහජයාට අපූරු ආදර්ශයක් ලබාදෙන බවක් පේන්නට ඇත,.

මෙවැනි වංචාකාර රැවටිලිකාර සහ එල්ලෙන වැලක් නොමැති නිසා රැල්ලට දේශපාලනයට එන මෙවැනි කාර්ඩ්බෝර්ඩ් හාල් කෑලිවලින්ම මාලිමාව රට හරි මගට ගන්න හදන්නේ ඒ ගැන පක්ෂයට සම්බන්ධ දහදිය හෙලූ අය කණස්සල්ලෙන් සිටින එක අරුමයක් නොවන බව ද සඳහන් කළ යුතුම ය.

2015 ට පෙර පැවති රාජපක්ෂ පාලනයේ සිටි මොළ හත ඇතුළු පිරිස 2019 ගෝඨාභය පාලනයේ කස කරුවන් වනු ඇතැයි තමන් කිසිවිටෙක විශ්වාස නොකළ බව ගයාන් වික්‍රමතිලක පවසන්නේ තිරයේ රංගනය මෙන් එම වැඩසටහනේ දී බබා පාර්ට් දමමිනි.

ඒ වැඩසටහන් නැරඹූ පොඩි දරුවෙක් ‘අනේ ගයාන් උඹ බබානේ! අපිව අන්දවන්න හදන්න එපා’ යනුවෙන් පැවසූ බව මේ ලේඛකයාට පෞද්ගලිකවම අසන්න දකින්න ලැබුනු නිසා සටහන් කොට තබමි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කිරීමට දරදිය ඇද්ද නිසා තමන් කණගාටුවට පත්වන බවත් වර්තමානයේ රට පත්ව ඇති අර්බුදයට විසදුමක් සොයා ගැණීම සදහා තමන් ජාතික ජන බලවේගය ට සහය දීමට තිරණය කළ බවත් ගයාන් වික්‍රමතිලක නැමති කලා ලෝකයේ ගිලී යන ඔරුවක් බදු මනුස්සයෙක් පවසන අතර, ජනතාව අද දුක් විඳින්නේ මේ වගේ කළකරුවන් යැයි කියා ගන්නා හිවල් රැළක් තමන්ගේ වාසියට එදා පත් කළ රජය නිසාවෙනි. ඒ නිසා මෙවැනි පුද්ගලයින්ද දුටු තැන ගල් ගැසීමට, හූ කීමට මේ රටේ ජනතාව ක්‍රියා නොකළහොත් රටේ කාලෙන් කාලටෙ හිස ඔසවන බලවේග හා එක්ව තමාගේ තැන හදා ගන්න මෙවැනි පිරිස නිසා ජනතාවට අවශ්‍ය සහන දෙන රටක් බවට පත් කරගන්නට ජනතාව දකින සිහින කවදාවත් යතාර්ථයක් කර ගන්නට හැකියාවක් නොලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *