‘රත්තරං’ පත්කිරීමට විරෝධය පල කරමින් විගණකාධිපති වෘත්තීය සමිති කෝප් කමිටුව වර්ජනය කරයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නැත්නම් කෝප් කමිටුව ගැන මහජනයා තුළ පැවැතියේ විශ්වාසයකි. ඒ දේශපාලන බලය කුමන පාර්ශවයකට හිමිව තිබුණ ද, පාර්ලිමේන්තු කාරක සභා මගින් වෙසෙසින්ම කෝප් කමිටුව මගින් රාජ්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන කටයුතු හොඳින් සොයා බලා සිදු කරන බව මහජනතාව විශ්වාස කළ නිසා ය.
එහෙත් රටේ හැම ක්ෂේත්‍රයට ම වගේ ම කෝප් කමිටුවටත් රාජපක්ෂ හෙනහුරා වැහුනේ ය. රංජිත් බණ්ඩාර නම් බැසිල් රාජපක්ෂගේ ගෝලයා පත් කෙරුණේ ඒ අනුව ය. ඔහු ඒ තනතුරේ ඉන්න තාක්කල් කටයුතු කළේ පක්ෂග්‍රාහීව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විගණනය ගැන කතා කරද්දී ඒ පිළිබඳ කැපී පෙණුනි. අඩුම ගානේ රංජිත් බණ්ඩාර අධ්‍යාපනිකව හෝ උගත් පුද්ගලයෙකු විය.
දැන් කෝප් කමිටුවේ සභාපති රෝහිත අබේගුණවර්ධන ය. රාජපක්ෂලාගේ සුවච, කීකරු චක් ගෝලයෙකු මදිවාට රෝහිත අබේගුණවර්ධන යනු විෂය ප්‍රාමාණික දැනුමක් නැති නූගතෙකි. දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කෝප් කමිටුව වර්ජනය කිරීමට සූදානම් වන බව දැනගන්නට තිබේ. ඒ රෝහිත අබේගුණවර්ධන වැනි පුද්ගලයෙකු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වැනි වැදගත් තනතුරකට පත් කිරීමට එරෙහිව ය.