රත්තරං විරෝධය ඇවිලෙයි; ඉරානුත් ඉවත් වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නුසුදුසු සාමාජිකයින් පත් කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.
“කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම අසතුටුදායකයි. මෙය පුරවැසියාගේ පාර්ලිමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය නැතිවීමටත් බලපානවා,” ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.