රනිල්ගේ නොකෙරෙන කැම්පේන් එකට ඇමති ප්‍රසන්නගෙන් කාර්යාලයක්

රනිල්ගේ නොකෙරෙන කැම්පේන් එකට ඇමති ප්‍රසන්නගෙන් කාර්යාලයක්

වජිර අබේවර්ධන කොලඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර දැන් ටික කාලයකි. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ සුවිසල් මැදුරක් වන අතර, කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට බල කරමින් කැම්පේන් එකට කියා මුදල් ගෙන්වා ගැනීමට ද වජිර අබේවර්ධන කටයුතු කර ඇත.

ඊලඟට රාජගිරියේ තවත් කාර්යාලයක් දැමූ අතර, නුගේගොඩ පැරණි ප්‍රසිද්ධ ඡයාරූප ශාලා ගොඩනැගිල්ලක පිහිටි මහලක තවත් කාර්යාලයක් රනිල්ගේ කැම්පේන් එක කිරීමට යැයි කියා “කැම්පේන්කරුවෝ ” ආරම්භ කර ඇත.

දැන් අලුත්ම කාර්යාලය ආරම්භ කර ඇත්තේ කොළඹ විජේරාම, මලලසේකර මාවතේ ය. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසිනි. මෙහි සියලු බරපැන නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයට අයත් ආයතන වල සභාපතිවරුන්ගෙන් අය කර ගැනීමට නියෝග කර ඇත.

තොරතුරු වාර්තා වන පරිදි ආරම්භක බර පැන Waters Edge සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරු හරහා අය කර ගැනීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධව අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා අතර ගැටුමක් ද, නිර්මාණය වී ඇති බවට මලලසේකර මාවතේ පිහිට වූ කාර්යාලයෙන් ම වාර්තා වේ.

රාජපක්ෂ පාලනය තුල සිදු කළ ආකාරයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනය තුලත් තම තම කැම්පේන් සඳහා රජයේ දේපල සහ මුදල් ජයටම පරිහරණය කිරීම නොඅඩුව සිද්ධ වන බවට මෙය එක් සරල උදාහරණයක් පමණි.

රට වැල් පාලමෙන් එතෙර කරන්නට යැයි කියා ජනපති පුටුවට පිනා චාන්ස් එකක් හරහා වාඩි ගත් රනිල් වික්‍රමසිංහ තම බල ලෝභය උදෙසා තම හෙංචයියන් හරහා රාජපක්ෂලා කරපු ලෙසම රාජ්‍ය දේපල උලා කෑමට පටන් ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *